කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වන එච්. එම්. කුඩලිගම මහතා උපත ලැබූවේ 1918 වසරේ දී කළුතර කුඩලිගමදී ය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා පසුව වැවිලි කර්මාන්ත ක්ෂේත්රයේ නිරත වීය. එතුමන් පද්‍ය රචනා සඳහා අත් පොත් තබන්නේ වයස අවුරුදු දහසයේදී ය. එතැන් පටන් විවිධ පුවත් පත්, සඟරා ආදිය සඳහා ස්වකීය ප්රබන්ධයන් සැපයී ය.
එතුමාගේ අතින් රචිත කෘති අතර ඈ, කුණාටුව සහ සිරිමලී යන කාව්‍ය නිර්මාණ තුන ද වෙයි. ඉන් වඩාත් ම ජනප්‍රිය වූ කෘතිය වන්නේ ‘ඈ’ නැමති කෘතියයි. කපිල සෙනෙවිරත්න මහතා සමග සම සම්පත්දායකත්වයෙන් ‘සුවඳ’ නමැති කාව්‍ය සඟරාව ආරම්භ කළ එතුමා කපිල සෙනෙවිරත්න මහතාගේ අභාවයෙන් පසුව ද එම සඟරාව සිය සංස්කාරකත්වය යටතේ පවත්වාගෙන යනු ලැබී ය. කලක් අගනුවර තරුණ කවි සමාජයෙහි ද සභාපතීත්වය දැරූ එතුමා ලේක් හවුස් ආයතනයේ සේවය කරන ලදී. ශ්‍රී ලාංකේය පද්‍ය සාහිත්‍යයට අමිල මෙහෙවරක් ඉටු කළ එතුමා 1983 වසරේදී ගොතටුවේ දී අභාවප්‍රාප්ත විය.