දුප්පත් ද පොහොසත් ද කිසි දෙයක් නොබලනා
පරිස්සම් නොමැති තැන ඉක්මනින් වැළඳෙනා
දහසකුත් මිනිස් දිවි අකාලේ පරවුණා
කරන්නට දෙයක් නැති තරම් අසරණ වුණා…
රස්සාව නොමැති තැන බඩගින්න රජ වුණා
රස්සාව රැකුන කළ පණ දෙවැනි තැන වුණා
බඩගින්න නිවන්නට දිවි දෙවැනි තැන තියා
පිය මැන්නේ හදවතේ කොනක බය හංගලා…
දිවි රකින රස්සාව අත්හරිනු බැරි නිසා
හිත හයිය කරන් අපි රැකියාවෙ නියැලුණා
තවත් නම් ඒ හයිය නැතැයි සැක මතු වුණා
කොරෝනා උඹ නිසා අපි අතරමං වුණා…
මුළු ලොවක් වනසලා ඉවරයිනෙ කොරෝනා
ඇයි මෙහෙම මිනිස් දිවි බිලිගන්නේ කොරෝනා
අපට දැන් හොදටෝම මහන්සි කොරෝනා
උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා…
විසඳුමක් නොමැති පැනයකි ඇත්තේ මතු වෙලා
මේ ලෙස දිනෙන් දින කාලයක් ගතවෙලා
එක ලෙඩක් අභිමුඛව ලෝකයක් නැවතිලා
ඉතුරු වෙයි කරපු පින් දහම් සිත් පුරවලා…
විසබීජ වැනසුවොත් නිතර අත් සෝදලා
සියලු උපදෙස් හොදින් පිළිපදී නම් සදා
නිති වෙහෙසුනොත් පරදවන්න මේ කොරෝනා
හැකි වේවි නුඹට නවතන්න තම මාරයා