ආඩම්බරයි මට

ආඩම්බරයි මට

තවම මතකයි එදා
පුංචි කුරුලු පිහාටුවක්
වාගේ…
රෝස මල් පෙත්තක පාටට
මාගේ අතට ආව උඹව
පරිස්සමට බයෙන් ගැහි ගැහි
තුරුලට ගත්තේ මම
ඩිංග ඩිංග ලොකු වෙලා අද
චූටි මැණිකක් වෙලා අම්මගේ
පාළු මකන කොට
හිතෙනවා හරි ආඩම්බරයි මම
ඔයා වාගේ පුතෙක් ලැබුන
අම්මනේ කියලා ඉතින් හිත
 
බී.ඒ. විමලාවතී

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

හොඳම නිර්මාණය සඳහා නිර්දේශිතයි

Facebook