අම්මා

අම්මා

ලොකු උනාම ඇති කියලා හිතපු නිදහස නැහැ
මට හම්බුනේ අම්මේ
පුංචි කාලේ ලොකු වෙන්න හීන දැක්කාට මං
දැන් ලොකු කෙනෙක් වගේ ජීවත් වෙන්න
ආස නැහැ අම්මේ
මං තරුණ වෙනකොට ඔයා වයසට
යන එකට
පොඩ්ඩක්වත් මං ආස නැහැ
අම්මේ
කඳුළට වඩා දුක් වුණා නම්
හුස්මට වඩා ළං වුණා නම්
පණටත් වඩා පෙම් කළා නම්
ඒ නුඹ ම පමණයි අම්මේ
 
මාතු පාදං නමාමහං

ආර්.ටී. රවිහංසි
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

හොඳම නිර්මාණය සඳහා නිර්දේශිතයි

Facebook