කොරෝනා

කොරෝනා

විලාපය             විශ්වයේ
විලාපය             මිහිතලේ
විලාපය             මනුසිතේ
කොරෝනා        කොරෝනා
 
පණ රකින හුස්ම පොද
හා බැඳුණු විස අංශු
මනු සිතේ වා කපොලු
කඩා බිඳ සුනු විසුණු
කිසිවකුත් නොමැත අද
මළගමට ඔබ එක්ක
මොහොතකින් මුළු කයම
ඉටිකොළෙන් වසාලා
අළු කළා කොරෝනා
 
වසා ඇති මුහුණතකි
ඔබව මා, මා ඔබව
අපි අපව නොහදුනන
 
තප්පරය මිනිත්තුව
පැය දිනය අස්ථිරය
නමුත් අපි මුහුණ දෙමු
කෙදින හෝ ජය ලබමු
 
කොරෝනා නැති ලොවක
කූඩුවෙන් මිදී ගිය
සියොත් කැල ලෙසින් අප
නිදහසේ තටු සලමු
නිදහසේ ඉගිල යමු
 
දීලක්ෂි චතුරංගි

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

හොඳම නිර්මාණය සඳහා නිර්දේශිතයි

Facebook