අරලිය මල් පිපුණු
සුදෝ සුදු පිට්ටනිය මැද
තනියෙන්ම සැඟවෙන්න සිතුවේ ඇයි ඔබ
පෙම්වතිය මා අදත් ඔබගේ
සොහොන් කොත ළඟ තනිව ළතැවෙන
එක්ව ඇවිදින් සසර මග දිග
අතර මග වෙන්වෙලා ගිය දින
මගේ හිත දුක් විදිනු දැක දැක
අහස හැඬුවා ඔබට ඇසුණි ද?
නුඹ මා දමා අද
ගිය විට බෝ දුරක
හඬන්නට අනේ නෑ
එකම එක කඳුළක් ඇසක
ලොවට කියති ගල් හිතක් කියා
කෙලෙසක මං කියම් ද?
නුඹගේ දුකට හඬපු හැටියට
ඉතිරි වේවිද
කඳුළක් ඇසට…
යු.ඒ. කාංචනමාලා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය
හොඳම නිර්මාණය සඳහා නිර්දේශිතයි