මේන් හූනා...

මේන් හූනා...

හූනා කියන්නේ මහ අමුතුම සතෙක්. හූනා ගේ අයියා කිඹුලා. එයා ඉන්නේ වතුරේ. නමුත් මල්ලි වුන හූනා නම් ඉන්නේ ගෙවල්වල බිත්තියේ…

පුංචි පැංචෙක් වගේ හිටියට හූනා කියන්නේ බොහොම බලගතු විදිහට අපිට බලපෑම් කරන කෙනෙක්.

ඈ…

අර පුංචි හූනට පුළුවන් ද අපිට බලපෑම් කරන්න… එහෙම හිතෙනවා ද?

ඔන්න එහෙනම් අහගන්න…

හූනෙක් එහෙම ඇඟට වැටුනොත් එහෙම මොකද හිතන්නේ… දුවලා ගිහින් ලිත බලනවා… හූනූ සාත්තරේ කියලා තියෙන්නේ මොකක්ද කියලා…

ඔයා ගමනක් යන්න හදනකොට හූනාත් මොකක් හරි දේකට එයාගේ වොයිස් එක පිට කරරොත් ” චික් ,චික් ” ගාලා…

“දැන්ම යන්න එපා… ටිකක් වෙලා ඉඳලා යන්න… හූනෙක් ඇඬුවා” කියලා කවුරුහරි වැඩිහිටියෙක් කියනවා නේද?

ඉතිං ඒක බලපෑමක් නෙමෙයි ද?

හූනා චික් චික් නොකියා බව් බව් කියන්න ද?

තව දෙයක් තියනවා හූනා සම්බධව…

ඒක තමයි හූනූ නැට්ට…

ඒකත් මහා අරුම පුදුම එකක්…

එයාට පුළුවන් මොකක් හරි අනතුරකදී එයාගේ නැට්ට හලලා පැනලා යන්න. හැලුණු නැට්ට වෙනුවට තව අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් නැට්ටක් එයාට එනවා.

අනිත් දේ තමයි අපි පොඩි කාලේ රස කර කාපු කෑමක් හූනූ බෙටි කියන්නේ. ඒවා රියල් හූනූ බෙටි නෙමෙයි. සූදුරු ඇටවලට පාට දාලා හදපු සීනී බෝල..

ඔන්න ඔය අතරේ තමයි අපේ කිං ඛාන් එහෙම නැත්නම් ශාරුක් ඛාන් රඟපාන මේ හූනා ( Main Hoon Na) කියන චිත්‍රපටය දකින්න ලැබෙන්නේ..’

ෆරහ් ඛාන්ගේ අධ්‍යක්ෂනයෙන් හා අනු මලීක් ගේ අති මියුරු ගී හඬින් කිං ඛාන් එක්ක සුෂ්මිතා සෙන් රඟපාන මේ චිත්‍රපටය බලපු අයව ආදරයෙන් පිස්සු වැට්ටුවා. තනිකරම ප්‍රේම උමතුවකින් ප්‍රේක්ෂකාගරයම කුල්මත් කළා.

මේ හූනා කියන හින්දි නම අපිට මාර විදිහට ෆීල් උනෙත් ඔය හූනා නිසාමයි…

මේ හූනා ( Main Hoon Na ) කියන හින්දි වචනයේ තෙරුම ” මම ඉන්නවා ” ඒක ඉංග්‍රිසියෙන් කිව්වොත් ” I’m There”.

ඔන්න හූනා ආපහු අපේ ජීවිතවලට ආවා…

නිකමට හිතන්න… ඔයා ප්‍රශ්නවලින් මිරිකිලා තැලිලා පොඩිවෙලා ඉන්න වෙලාවක කවුරු හරි කෙනෙක් ඔයාගේ කරට අත දාලා

“බය වෙන්න එපා ඔයා එක්ක මම ඉන්නවා”

කියන වචනය කිව්වොත් ඔයාට දැනෙන ත්‍රිල් එක කොයි වගේද කියලා…

ඔය වචනය ඇත්තටම මැජික් වචනයක්…

ඒකට පුළුවන් බිදිලා ගිය සබඳතාවයන් අලුත් කරන්න, ජීවයක් දෙන්න , ආදරයක් දෙන්න, දුක නැතිකරන්න, ආත්ම විශ්වාසය ඇති කරන්න, බැදීම්වල ඝනත්වය වැඩි කරන්න…

ඒ නිසා…
අදම කියන්න…
මේ හූනා…
මම ඔයත් එක්ක ඉන්නවා…

මම
දොන් ජුවාන්

(මීලඟ ලිපියෙන් නොද කිං සහ නොදෝම කිං)

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *