යළි නොඑන ඇයට

යළි නොඑන ඇයට

සයනයක ගුලිවෙන්න කුමරිය ලෙසින්
සිත් අහසේ පායන්න පුන්සඳ වෙමින්
යළි නොඑන සෙනෙහසට පෙම් කළ සිතෙන්
මතකයම ගිනිගත්තා තරුවක් ලෙසින්
 
උරහිසේ හිස හොවා ගෙවූ ඒ කාලේ
සංසාර උණුහුමයි පැතුවේ පෙම් හීනේ
සිහිවෙද්දි ඔබෙ තුරුලේ සැනසුණු අතීතේ
බැහැ වෙන්න වෙනකුගේ මේ හිතම ඔබගේ
 
දුර ඈත උන්නාට සෙනෙහෙන් බලාලා
විමසන්න ආසයිනෙ සැප දුක සොයාලා
ඔබෙ මතක පාරවයි මේ හිත දවාලා
කාරි නෑ ඔබ ඉන්න සතුටින්ම සැමදා
 

චතුමිණි මේඛ්ලා

Facebook