සංගීත ලොව කිරුළ දරන්නට පෙරමං බලා සිටිනා අභිෂේක්

සංගීත ලොව කිරුළ දරන්නට පෙරමං බලා සිටිනා අභිෂේක්

‘පිබිදුණ අපි’ සංකල්පයට අනුව වියමන් TV සමග මෙවර කතාබහට එක් වුණා තවත් පිබිදුණ ජීවිතයක්. ඔහු වතුපිටිවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අභිෂේක්. සංගීතය තම ජීවිතය කරගත් අභිෂේක් තම හැකියාවන් ද ඔපමට්ටම් කරගනිමින් රැකියාවත් සමබරව කරගෙන යන තරුණයෙක්.

අභිෂේක් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා. මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසලෙන් පසුව රැකියාවට යොමු වූ බව වියමන් TV කතාබහේදී පැවසුවා. ඔහුගේ පියා තමයි ඔහුව බ්‍රැන්ඩික්ස් ආයතනයට යොමු කරවන්නෙ.

පාසල් කාලයේ සිට මේ වන තෙක් සංගීතය හදාරන බව ඔහු පැවසුවා. රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟාවලියක ඉදිරියට යමින් සිටින අභිෂේක්ගේ ගායන හැකියාවන් වැඩිදියුණු කරගන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ සහය නිරන්තරයෙන් හිමිවන බව මේ සාකච්ඡාවේදි ඔහු සිහිපත් කළා.
ඔහු පැවසුවේ, ආයතනයේ අය ඔහුව නොසිතූ මොහොතක ඒ රියැලිටි තරඟාවලියට යොමු කළා කියලා. විශේෂයෙන් ම තමන් රාජකාරියේ නිරත වන bonding අංශයේ කළමනාකාරීත්වය, එම අංශයේ තම සගයන් වගේ ම මානව සම්පත් අංශය අභිෂේක්ගෙ හැකියාවන්වලින් ඉදිරියට යන්න විශාල සහයෝගයක් දක්වන බව අභිෂේක් ප්‍රකාශ කළා.

ඒ වගේ ම කණ්ඩායම් සංගීතයට යොමු වුණ ඔහුට ඔහුගේ නායකයා බොහෝ දේ උගන්වමින් ඉදිරියට යන්න දිරිදෙන බව පවසන්නත් ඔහු අමතක කළේ නැහැ.
වැඩසටහන අතරතුර මියුරු ගීත ඛණ්ඩයක් ගායනා කළ අභිෂේක්ගේ බලාපොරොත්තුව නිහතමානී ගායකයෙකු වීම බව අභිෂේක් පැවසුවා. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් සාරධර්ම කියා දුන් බවත් ඒ අනුව යමින් නිහතමානී ගායකයෙකු වීම තම හීනය බවත් ඔහු පැවසුවා.

ඔහුගේ හීන ඒ අයුරින් ම සැබෑවෙන්න කියලා වියමන් TV අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *