උසස් පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල නිකුත් වන තෙක් මඩකලපුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටි කේ. අක්ෂිකා දැරිය උසස් පෙළ ඉහළින් සමත්වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබුවා. ඇය 2019 උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය වගේ ම සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගත් දක්ෂ සිසුවියක්.
ඇයගේ විශිෂ්ට දක්ෂතා නිසා ම ඇයට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පිරිනමන ‘රන් දරු අබිසෙස්’ ශිෂ්‍යත්වයක් ද හිමිවුණා. උසස් පෙළ ඉහළ දක්ෂතා පෙන්වා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන දරුවන් වෙනුවෙනුයි බ්‍රැන්ඩික්ස් ආයතනය මේ ශිෂ්‍යත්ව වැඩසටහන නිර්මාණය කරල තියෙන්නේ. අක්ෂිකා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අතරතුර රැකියාවෙදි පවා දක්ෂතා පෙන්වූ දැරියක්.
මෙවර ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් පළමු වන දා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙ ප්‍රධානත්වයෙන් ‘රන් දරු අබිසෙස්’ පළමු වැඩසටහන පැවැත්වුණා. එහිදී අක්ෂිකාට තමයි පළමු ශිෂ්‍යත්වය හිමිවුණේ. ඒ වගේ ම දිස්ත්‍රික්ක 8කින් තෝරාගත් අක්ෂිකා වගේ දක්ෂ දරුවන් 18 දෙනෙකුට වැඩසටහනේ පළමු අදියර යටතේ ශිෂ්‍යත්ව හිමිවුණා.
බ්‍රැන්ඩික්ස් ආයතනය මීට අමතරව මෙරට සිසු දරු දැරියන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ම ක්‍රියාවට නංවලා තිබෙනවා. 2010දී ‘රන් දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන මගින් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගෙ 5 වසර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගෙනගන්න දරුවන්ට මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. 2016දී ‘රන් දරු තිළිණ’ වැඩසටහනෙන් පෙර පාසල් වයසෙ සිට 5 වසර දක්වා ඉගෙනගන්න දරුවන්ට පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබා දුන්නා. ඒ වගේ ම විධිමත් අධ්‍යාපන සුදුසුකම් නොමැති සාමාජික සාමාජිකාවන්ට 2018දී ‘බ්‍රැන්ඩික්ස් ශිල්ප’ වැඩසටහන මගින් වෘත්තීය පුහුණුවත් ලබා දුන්නා.