හිතවත් සාමාජිකයිනි,
පිබිදුණු මිනිසුන් වෙතින් පිබිඳුණු විසඳුම් තිළිණ කිරීම බ්‍රැන්ඩික්ස් හි අපගේ පොදු අරමුණයි. මෙය අප සතු විශේෂ ලක්ෂණයකි. අප සමූහය හරහා මෙය ප්‍රකාශයට පත්කොට සවි බලගැන්වීමට ලැබීම පිළිබඳව මම ඉමහත් අභිමානයට පත් වෙමි.
2020 වර්ෂයේ දී අපි ගරුකිරීම, අවංකත්වය, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්වය යන නව ආයතනික සාරධර්ම දියත් කළෙමු. මෙමගින් අප බලාපොරොත්තු වූයේ නිෂ්පාදන ක්‍රියාවලියකට එහා ගිය විවිධත්වය සහ වෙනස් අදහස් සමග එකට වැඩ කිරීමයි. එමෙන්ම නවෝත්පාදන, ඉගෙනීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා නොපසුබටව උත්සාහ කිරීමයි. මෙය පහසු ගමනක් නොවන අතර අප කැපවන්නේ වැඩ පරිසරයේදී එකිනෙකාට වගකියන පිළිවෙතක් මතින් ඉදිරියට ගමන් කිරීමයි.
අද වන විට බ්‍රැන්ඩික්ස් ආයතනය සහ අප සිටින තැන පිළිබඳව මම ඉතාමත් ආඩම්බරයට පත්වෙමි. තනි රෙදිපිළි වෙළඳ සමාගමක සිට හැට දහසක් පමණ ප්‍රබෝධවත් සාමාජිකයින්ගෙන් සමන්විත අපි ගෝලීය සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව සිහි කිරීමට කැමැත්තෙමි. අපගේ දියුණුව තනි ජයග්‍රහණයක් නොවන අතර එය ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් මෙන්ම අප සමස්ත සමූහයේ සාමාජිකයින් සියලුදෙනා සමගම බැඳී පවතින දෙයකි. අපගේ මෙම අගනාකම් පවත්වා ගැනීම තුළින් අප සමූහය වර්ධනය වී ඇති අතර වෙළඳපොළ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ශක්තිය ද, ලෝප්‍රකට සන්නාම සඳහා පිබිදුණු විසඳුම් පිරිනැමීමේ අවස්ථාව ද අපට හිමිව තිබේ.
ව්‍යාපාරයක් ලෙස ජයග්‍රහණය ලැබීම ඉතා වැදගත් ය. අපගේ “මනුසත්කාර” වැනි සමාජ සත්කාරක ව්‍යාපෘතීන් හරහා සමාජය ප්‍රබෝධවත් කිරීමට අපට හැකි වී තිබේ. අපගේ ‘හරිත තිරසර’ වැනි අනාගත ලෝකය උදෙසා වන වැඩපිළිවෙළවල් මගින් තිරසාර අනාගතයක් ගොඩ නැගීම සඳහා අප තුළ වන උද්‍යයෝගය මැනැවින් කැපී පෙනෙයි.
අපි කවුද සහ අපගේ සාරධර්ම මොනවාද යන්න පිළිබඳව අභිමානයෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගමු. වසර ගණනාවක් පුරාවට අප සමූහයේ සෑම අංශයකින්ම ලැබුණු සහයෝගය මතින් මෙම ගමනේ දී හොඳම දේ කිරීමට සහ එකිනෙකාව ප්‍රබෝධවත් කරමින් ඉදිරියට යාමට ප්‍රතිඥා දෙමු.
බ්‍රැන්ඩික්ස් ‘අපේකම’ එක්ව සමරමු.
අෂ්රොෆ් ඔමාර්
සමූහ ප්‍රධාන විධායක නිලධාරි