ප්‍රබෝධයේ තක්සලාව Brandix Corporate Campusහි අභිමානවත් 25 වසරක ගමන් මග

ප්‍රබෝධයේ තක්සලාව Brandix Corporate Campusහි අභිමානවත් 25 වසරක ගමන් මග

2021 ඔක්තෝබර් මස සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරන Brandix Corporate Campus පිළිබඳ සාකච්ඡාවට ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහන සමග එම ආයතනයේ ඇඟළුම් තාක්ෂණික අංශ ප්‍රධානී නිලන්ති ගමගේ මහත්මිය සහ මූල්‍ය හා පරිපාලන අංශයේ අංශ ප්‍රධානී නිරූපා සරෝජිනී මහත්මිය එක්වුණා. රිදී ජුබිලිය සමරන Brandix Corporate Campusහි ආරම්භයත් එහි සේවාවන් පිළිබඳවත් නිලන්ති මහත්මිය සහ නිරූපා මහත්මිය මෙහිදී කතාබහ කළා.

Brandix Corporate Campus ආයතනය Phoenix College of Clothing Technology ලෙස 1996දී ආරම්භ කර තිබේ. 2004 වර්ෂයේදී ආයතන සමූහයේ නාමය බ්‍රැන්ඩික්ස් ලෙස වෙනස් වූ අතර එයට සමගාමීව Phoenix College of Clothing Technologyහි නාමය Brandix College of Clothing Technology ලෙස වෙනස් කර තිබේ. පසුව නැවතත් 2020 වර්ෂයේදී එම නම Brandix Corporate Campus ලෙස වෙනස් කර ඇත.

මෙහි නිර්මාතෘවරයා වන්නේ මහාචාර්‍ය රෝහණ කුරුප්පු මහතා ය. අෂ්රොෆ් ඕමාර් මහතාගේ ආරාධනයකට අනුව මහාචාර්‍ය රෝහණ කුරුප්පු මහතාගේ සංකල්පයකට අනුව බිහිවුණ Brandix Corporate Campus මගින් මේ වන විට න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමෙන් පිරිපුන් සිසු සිසුවියන් දහස් ගණනක් ඇඟළුම් ක්ෂේත්‍රයට දායාද කර ඇත.

2005 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ Royal Melbourne Institute of Technology විශ්වවිද්‍යාලය සමග අනුබද්ධව Brandix Corporate Campus එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් උපාධි පාඨමාලාවක් ආරම්භ කළ අතර මේ වන විට එහි 33 වන කණ්ඩායම සාර්ථකව ඉගෙනුම් කටයුතු කරගෙන යනු ලබයි.

Brandix Corporate Campus මගින් පුහුණුව ලැබූ 10,000කට අධික පිරිසක් ඇඟළුම් ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක නියැලෙන අතර උපාධිධාරීන් 600කට අධික පිරිසක් සහ ඩිප්ලෝමාධාරීන් 1,800කට අධික පිරිසක් ද ලොවට දායාද කිරීමට ඔවුන් සමත්ව ඇත.

Brandix සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ දැනුම වර්ධනය සඳහා ඔවුන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගෙන පාඨමාලා සැකසීම Brandix Corporate Campus මේ වන විට ආරම්භ කර තිබේ. ඊට අමතරව ඇඟළුම් ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන පාසල් අධ්‍යාපනය අවසන් කළ දරු දැරියන් වෙනුවෙන් පූර්ණකාලීන සහ අර්ධකාලීන පාඨමාලා හඳුන්වාදීම ද ඔවුන් සිදු කරනු ලබයි. තව ද Brandix Corporate Campusහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට මෙන් ම විෂය පරිබාහිර ක්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ චර්‍යාත්මක කුසලතා වර්ධනය කරමින් හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂයින් ක්ෂේත්‍රයට බිහි කිරීමට 25 වසරක අභිමානවත් සේවය මගින් Brandix Corporate Campus ආයතනය සමත්ව ඇත.

රිදී ජුබිලිය සමරන Brandix Corporate Campus මගින් බිහිවන කුසලතා පිරි දරුවන් සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ වෙනත් ආයතනවල ද ඉහළ ඉල්ලුමක් පවතින අතර Brandix Corporate Campus තුළින් බිහි වූ දරුවන් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය, බංගලාදේශය, වියට්නාමය වැනි රටවල ද රැකියාවන්හි නිරත වේ.

අභිමානවත් 25 වන වසරට පා තබන Brandix Corporate Campus මහාචාර්‍යවරුන්, ආචාර්‍යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් අධ්‍යයන කාර්‍ය මණ්ඩලයකින් ද සමන්විත වන අතර සුවහසක් සිසු සිසුවියන්ගේ අනාගත ගමන ආලෝකවත් කරන ආයතනයකි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *