අප්පච්චී

අප්පච්චී

සුදු සඳ කිරණට සීතල සෙවණට
මගේ මුලු දිවියම හුරු වෙච්චි
ජීවන අසපුව පුරා විහිදී ගිය
සුවඳ ඔබයි මට අප්පච්චි
 
දිවිගං නායට සේම නියගයට
කෙලෙස බේරුනිද නැත නිච්චි
විඩාබර වුවත් නුබේ සෙනෙහස නම්
කිසිම දිනක අඩු නොම වෙච්චී
 
අකාරුණික වූ දෛවෝගයට
සෙනෙහේ බිලි නොදුන් අප්පච්චී
ජීවිත ගමනේ දෙපා රිදෙන විට
නුඹ හැඬුවේ නැහැ අප්පච්චී
 
අනෝතත්ත විල් තෙරට වඩා නුඹේ
සෙනෙහස මා හට සුව වෙච්චී
දෙවි නැති දෙවොලකි නුඹ නැති වූවොත්
මගේ මුලු ලෝකය අප්පච්චී
 

ධනුෂ්කා සදමාලි

Facebook