ජීවිත 3,000කට ආලෝකය දෙන බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය

ජීවිත 3,000කට ආලෝකය දෙන බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය

බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය (BLI) ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල අපනයන සැකසුම් කලාපය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යයි. මේ වන විට ආයතන 5කින් යුත් බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය සාර්ථකව තම නිෂ්පාදන කටයුතු සිදු කරයි.

ප්‍රධාන විධායක නිලධාරී රජීව් මලලසේකර මහතාගේ මග පෙන්වීම යටතේ තම ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් පවතින ලොන්ජරි පර්ෂදය සාමාජික සාමාජිකාවන් 3,000කට අධික පිරිසකගේ ජීවිත ආලෝකවත් කිරීමට සමත් වී ඇත.

ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට පමණක් නොව ආයතනය අවට ප්‍රදේශයේ රෝහල්, පාසල් සහ ආගමික ස්ථානවලට CSR ව්‍යාපෘතිය යටතේ විශාල වැඩ කොටසක් බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය මගින් සිදු කර තිබේ. ඊට අමතරව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රන්දරු තිළිණ, රන්දරු ශිෂ්‍යත්ව සහ සභාපති අරමුදල මගින් විශාල රුකුලක් සපයනු ලැබේ. කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක P.A.C.E. පුහුණු වැඩසටහන යටතේ සාමාජිකාවන් 700කට අධික පිරිසකට රැකියාව මෙන් ම පෞද්ගලික ජීවිතය සාර්ථකව පවත්වාගන්නේ කෙසේ ද යන කාරණය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

P.A.C.E. වැඩසටහන යටතේ ප්‍රශ්නයක් විසඳාගත යුතු ආකාරය කුමක් ද, ප්‍රශ්නයකට මුහුණ දිය යුතු ආකාරය කුමක් ද, පවුල සහ ආයතනය අතර සම්බන්ධතාව පවත්වාගන්නේ කෙසේ ද, මුදල් පාලනය කරගත යුත්තේ කෙසේ ද කියා අවබෝධයක් ලබාගත් බව ආයතනයේ සාමාජිකාවන් පවසයි.

තව ද ආයතනයේ සියලු සාමාජික සාමාජිකාවන්ට නේවාසික පහසුකම් සමග ඉවුම් පිහුම් පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ද නොමිලේ ලබා දෙන්නේ බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදයෙන් ලබා දෙන වරප්‍රසාද ලෙසය.

විශේෂයෙන් ම ආයතනය හා සම්බන්ධ වන සාමාජික සාමාජිකාවන්ගෙන් බොහෝ පිරිසක් පුහුණුවකින් තොර පුද්ගලයන් වන අතර රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවීමත් හරහා පුහුණු සාමාජිකයන් ලෙස ඔවුන් උසස් කරලීම සිදු කරයි. කාන්තා කාර්මික නිලධාරිනියන් ලොන්ජරි පර්ෂදය තුළ මේ වන විට සේවයේ නිරත වන අතර ඒ හරහා ඔවුන්ට ඉදිරියට යාමට අවස්ථාව ද ආයතනය නිර්මාණය කර තිබේ.

මෙම සියලු දේ සමග බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය පිබිදුණු මිනිසුන් පිරිසක් සමග සාර්ථකව සිය ව්‍යාපාරික කටයුතු ඉදිරියට රැගෙන යමින් සිටී.

Facebook
Facebook