ලෝකේ කොයි කවුරු වුණත් ශ්‍රී ලාංකිකයන්ව පිළිගන්නේ හරි අපූරු ජාතියක් විදියට. සාරධර්මයන්ගෙන් පෝෂිත අපි තුළ වන අව්‍යාජත්වය, මිත්‍රශීලි බව, ආගන්තුක සත්කාරයෙන් උණුසුම් වූ හදවත් ඇත්තන් වීම, නිහතමානීත්වය, ගරු කිරීම වැනි ගුණාංගයන් වගේ ම අපේ සංස්කෘතිය වැනි කාරණා එයට හේතුවයි. “අපේකමේ” හරය වන්නේ එයයි.
වසර දෙදහස් පන්සියයකට වඩා පැරණි අතීතයක් සහිත අපේකම අනාගත පරපුරේත් පදනම වෙනවා. ඉන් ගොඩනැගි අපේකම තමයි බ්‍රැන්ඩික්ස් අපගේත් හරය වන්නේ.
‘අපේකම’ කියන වචනය මතුපිටින් බැලුවොත් ආත්මාර්ථකාමී බවක් හඟවන වදනක් ලෙස හැඟෙන්න පුළුවන්. ඒත් බ්‍රැන්ඩික්ස් අපේකම ඊට වඩා වෙනස් ගැඹුරු අරුතක් සහිත වදනක්. බ්‍රැන්ඩික්ස් අපේකම ගොඩනැගෙන්නේ සුවිශාල කුලුනු හතරක් මතයි. ගරු කිරීම, අවංකබව, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්වය එම කුලුනු හතරයි. බ්‍රැන්ඩික්ස් අපි පෝෂණය වන්නේ එම සාරධර්මවලිනුයි. අපි දිනපතා ම ප්‍රබෝධවත් වෙන්නේ අපේ සාරධර්ම මතින් ගොඩනැගෙන අපේකමිනුයි.
බ්‍රැන්ඩික්ස් සාරධර්ම කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණු දාමයක්. වයස, ජාතිය, ආගම, තරාතිරම ආදී කිසිවක් නොසලකා අපි අපිට ගෞරව කරගන්නවා. කිනම් අසීරු අවස්ථාවකට මුහුණ දුන්නත් බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් ලෙස ඒ සියලු අභියෝගයන්ට අපි මුහුණ දෙනවා. එයට ශක්තිය වන්නේ අපි තුළ ඇති කණ්ඩායම් හැඟීමයි. මේ සියල්ලෙන් පරිපූර්ණ අපි විශිෂ්ටත්වය කරා පිය නගන්නේ අභිමානය මුසු නොසැලෙන අධිෂ්ඨානයෙනි. ලොවක් ඉදිරියේ ඇගයුම් ලබන්න අපට ශක්තිය ලබා දෙන්නේ බ්‍රැන්ඩික්ස් අපේකමේ ප්‍රබෝධයයි.
අද්විතීය නිපැයුම් බිහිකරමින්, අන්‍යයන්ට වඩා වේගවත්ව, නොබිඳී ගලා යන ක්‍රියාවලියක් තුළ බ්‍රැන්ඩික්ස් අපි හොඳ ම මිලට ගුණාත්මක සේවාවක් අපේ සේවාදායකයින්ට සපයනවා. බ්‍රැන්ඩික්ස් අපේකමේ පරමාර්ථය එයයි. වෘත්තීය විශිෂ්ටත්වය රැකගනිමින් ව්‍යාපාරික ඉලක්ක කරා යන අපි ශ්‍රී ලාංකේය ආයතනයක් ලෙසින් මේ පුංචි ශ්‍රී ලංකාවේ නාමය ලෝකය හමුවට ගෙනියන්න සමත්වෙලා තියෙනවා. ඒ නිසා ම අද වනවිට ලෝකයේ ප්‍රසිද්ධ මෙන් ම වැඩි ම ඉල්ලුමක් පවතින ඇඟලුම් සන්නාමයන් බොහෝමයක් නිමවන්නත්, අපනයන කරන්නත් බ්‍රැන්ඩික්ස් අපට හැකිවෙලා තියෙනවා. මේ අතර ම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් පවත්වමින් අප ප්‍රබෝධවත් කරන්නට බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කරනවා.
මේ තුළින් පිබිදෙන අපි, සමාජයට වගේ ම පරිසරයටත් පිබිදුණු විසඳුම් තිළිණ කරන්නට සමත්වෙලා තියෙනවා. සමාජයට අප දායාද කරන පිබිදුණු විසඳුම්වලට හොඳ ම උදාහරණ වන්නේ අපගේ සමූහ සමාජ සත්කාරක අංශය මගින් ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන සකල්පය, මනුසත්කාරය වැනි වැඩසටහන්. ඒ වගේ ම පරිසරයට අප විසින් දායාද කරන පිබිදුණු විසඳුම්වලට හොඳ ම උදාහරණ වන්නේ පරිසරයට මුදාහැරෙන කාබන් විමෝචනය ශූන්‍ය කිරීම, පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම, ආහාර අපතේ යාම අවම කිරීම ආදී වූ හරිත තිරසර යටතේ වූ වැඩසටහන්.
පිබිදුණු විසඳුම් ලබා දෙමින් මෙවන් ප්‍රබෝධවත් පවුලක සාමාජිකත්වය ලැබීමට තරම් වාසනාවන්ත වීම ගැන සැබවින් ම ඇත්තේ ප්‍රබෝධවත් හැඟීමක්.