වැඳ ඔබේ දෙපා පිට වූ දින නිවසින් ම
සිහිවන විටදි කඳුළු නවතන්න බෑ තව ම
එදා එන විටදි ඉනු හැම කඳුළක් ම
මැවි මැවි පෙනෙනෙවා මා හට අම්මේ
ගුලිවී තුරුලේ ඔබේ සුව නින්දේ
ඉන්න විටදී නෑ කිසි දින ඇහැරේවී
තව කී කල ද ඔය හැටි නිදියන්නේ
කියමින් සැනසුවා මතකයි අද වාගේ
හිසරදයකට උණකට නැති විවේකය
මට අද දැනෙනවා ඔබ විඳි ඒ හැඟුම
ස්වාමියා දරුවන්ට කැපවුණු කැපවීම
දැන් දැන් මට දැනේවි අම්මේ නොඅඩුව
කොස්ස, ඉදල හුරු නැති වුණ මගෙ දෑතේ
කරගැට එන තරමට වැඩ ඇතුවානේ
ඉස්සර කිසි ම දිනක නැත බැන වැදුනේ
ඔබ දැන සිටි ඇත ගැහැනියක උරුමේ
ඩබ්ලිව්.ඒ. නුරංශි නිකසලා
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය