තාත්තා

තාත්තා

කොයිතරම් හයියෙන්
අල්ලගෙන උන්නත්
තාත්තේ ඉක්මනට
ඔය අත අතහැරුණා මට
මං දන්නවා
අදත් මං තනිවෙන අසරණවෙන
හැම මොහොතක ම
තාත්තා මගේ ළඟ ඉන්නවා කියලා
ජීවිතේ ගෙවුණ අඳුරු ම දවස්
එකින් එක තවත් ගෙවෙද්දි
නුඹේ ඒ…
සොඳුරු සිනහ පිරුණු
අතීතයේ මතක අතර
ජීවිතේ ගොඩනගන්නට
එක ම අඩුව නුඹ ම පමණක් වෙද්දි
එක ම හයිය නුඹ ම පමණක් වෙද්දි
ඒ සෙනෙහස නුඹෙන් නැති වෙද්දි
මහමෙරකටත් වැඩි ආදරේ
නුඹෙන් යළි නොලැබෙද්දි
මොන දේ ලැබුණත්
හිත නුඹ ම පමණක් ඉල්ලද්දි
ඒ සොඳුරු සිනහව ම හොයද්දි
හැමදේම තියෙන
නුඹ විතරක් නැතුව
ජීවිතේ අන්තිම අඩියට
ආපහු වැටෙනවා මගේ තාත්තේ…
 

පීතු පාදං නමාමහං

තරුෂි

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *