හසර නොදත් දිවි අරුණැල්ලේ
මහා මේඝ සිඳ බිඳ දැමුවේ
අසුරු සැණක් වූ ඔබේ සෙනෙහසමැයි
හිරු සඳු තරු වී පායන්නේ…
වාං දමන මවු සෙනෙහස අබියස
වෙසතුරු ගුණ දැවටී ඔබේ සුවදක
දස පෙරුමන් පිරු මහ පින් බලයට
ගෙදර බුදුන් ඔබමයි අම්මේ
අබිනික්මන් කර ජීවක අරණට
ආදරයේ නවගුණ වැල අරගෙන
මෙනෙහි කළේ අටවිසි බුදුගුණ නොව
දාරක සෙනෙහස හදෙහි මෝදුවන…
ධනුෂ්කා සදමාලි