චන්ද්‍රයාගේ වටකුරු බව ද
මල්පෙතිවල සිනිඳු බව ද
හිරු රැස්වල කාන්තිය ද
මුවන්ගේ තියුණු බැල්ම ද
පිනි බිඳුවල සිසිලස ද
බට දඬුවල හීන් බව ද
ලතාවෙන් එනෙන සුළං ගතිය ද
මොනරාගේ උඬගු බව ද
හාවුන්ගේ අහිංසක ගතිය ද
නරින්ගේ කපටිකම ද
පැණිවල රසය ද
සිංහයන්ගේ නපුරු බව ද
ගින්නෙන් නැගෙන උණුසුම ද
හිමැහි ඇති මෘදු සිසිලස ද
වාචාලයාගේ දොඩමලු බව ද
ලෙලෙන පහන් සිළුවක ලාලිත්‍යය ද
කැටිකරගනිමින් නිර්මාණය වූවකි
“ඇය නමින් ගැහැනියයි”