යොවුන් ආදරය

යොවුන් ආදරය

හිඳින්නට නොහැක මට
නුඹ නැතුව තත්පරයක්
සොයන්නේ නුඹේ රුවයි
ගෙවන හැම මොහොතක්
 
දැනෙන්නේ මාගේමයි කියා
නෑනේ කිසි සැකයක්
සිතන්නේ නුඹේ ගැනයි
කොතැන හෝ සිටියත්
 
කවදාකවත් නොදැනුනු
මේ හැඟුම් පොදියන්
හිතට ඉබිකරන් මාගේ
කරපු සන්තාපයක්
 
ආදරය පිරුණු තැන
සොඳුරු රජ දහනක්
නැවුම් පෙම පාමුලදි
සිතත් එක විදියක්
 

එම්.ඩී. ලක්මාලි

Facebook