වසන්තය පමණක් ම නොව
ගිම්හානය ද
ස්වභාදම් මාතාව
කලකදී විඳගත යුතුමය
රටක් වුව ද එසේ ම වන්නේය
වස්සානය මෙන් ම ඉඩෝරය ද
රට වසා පැතිර යන සමයක් වේ
මේ ද සිරිලක පුරා ඉඩෝරය පැතිර ඇති යුගයකි
මෙය කෙතරම් දුෂ්කර සමයක් ද යන්න
පිඟානට වැටෙන කෑම වේලක වටිනාකම හඳුනන
කාටත් දැනෙනු නොඅනුමානය
එවැනි කටුක ඉඩෝරයක වුව ද
පිපී හමන පතොක් මලෙකි ඇය
රටේ ආර්ථිකයට පණ දෙන ජීවයයි ඇය
‘රට’ නැමති නෞකාව යාත්‍රා කරවන කපිතාන්වරිය ඇය
ගිම්හානයක, ඉඩෝරයකදී වුවත්
වස්සානයට අත වනන්නිය ඇය
කවුරුන්ද ඒ ඇය…
ඒ අන් කිසිවෙකුත් නොව
රන් සාටකය හන්දා
ඔටුනු හිස පළඳවා
අභිෂේක ගැන්විය යුතු කුමරිය
ඒ ඔබමයි
අපගේ “ඇඟළුම් කුමරිය”
බී. චමෝදි පියුමිකා
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය