“නිවසේදී හෝ නිවසින් පරිබාහිරව තමන්ගේ සමීපතම අයෙකුගෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී හෝ ආක්‍රමණශීලී හැසිරීමක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය” ලෙස සරලව නිර්වචනය කළ හැක. එය ශාරීරිකව, මානසිකව, වාචිකව, සමාජීයව, ආර්ථිකව හෝ ලිංගිකව ආදී ඕනෑ ම ආකාරයකට සිදු විය හැකියි. ගෘහස්ථ හිංසනයේ ඇති වේදනාකාරී ම කරුණ නම් තම ආදරණීයයෙකු හෝ තමා බොහෝ විශ්වාස කළ අයෙකුගෙන් පීඩාවට පත්වීමයි.
යමෙකු බිය ගැන්වීම, රිදවීම, නින්දාවට පත් කිරීම, හිංසා කිරීම හෝ යටත් කරගැනීම අරමුණු කරගනිමින් ශාරීරිකව, මානසිකව, ලිංගිකව, චිත්තවේගාත්මකව හෝ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්කිරීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වාභාවයයි. ස්ත්‍රී පුරුෂභාවය, ජන වර්ගය, ආගම, ආර්ථික පසුබිම, අධ්‍යාපනික මට්ටම, හෝ වයස, නොසලකා ඕනෑ ම කෙනෙකුට ගෘහස්ථ හිංසනයට මුහුණ දීමට සිදුවිය හැක.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ එය බරපතළ ශාරීරික තුවාල හෝ මරණයකින් කෙළවර විය හැකි නිසාය.
ස්ත්‍රීන් විසින් පුරුෂයන්ට ද, පුරුෂයන් විසින් ස්ත්‍රීන්ට ද පමණක් නොව සමලිංගික සබඳතාවලදී ද පවුලක් තුළදී නම් දෙමව්පියන්ගෙන් දරුවන්ට, සහෝදර, සහෝදරියන්ට, දරුවන්ගෙන් දෙමව්පියන්ට වගේ ම, ආදර සම්බන්ධතාවලදී පෙම්වතුන් අතර ද ගෘහස්ථ හිංසනය සිදු විය හැකියි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා එහි නීතිමය පසුබිම
පුද්ගලයෙකුගේ ශරීරය ඉලක්ක කරගනිමින් සිදුකරනු ලබන ක්‍රියාවන් “ශාරීරික වශයෙන් පීඩාවට පත් කිරීම්” යනුවෙන් අදහස් වේ. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ඡේදයේ ශරීර සම්බන්ධ වැරදි යටතේ මැනවින් නිර්වචනය කර තිබේ.
උදාහරණ:
එසේම දණ්ඩ නිති සංග්‍රහයේ 483 වගන්තිය යටතේ වන සාපරාධී බියගැන්වීම් ද ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යටතට ගනු ලැබේ.
යම් පුද්ගලයෙකුගේ ශරීරයට හෝ දේපළවලට හානි කරන බවට තැති ගන්වනු ලබන බියවැද්දීම් මේ යටතට ගැනේ. එහිදී කළ යුතු යමක් නොකිරීමටත් නොකළ යුතු යමක් කිරීමටත් බලපෑම් කිරීම ද සාපරාධී බියගැන්වීමක් ලෙස දක්වා ඇත.
උදාහරණ ලෙස ගිනි තබන බව පවසා තමා පවරා දීමට අදහස් නොකරනු ලබන නිවසක් බිය වද්දවා බිරිඳගෙන් සැමියා පවරා ගැනීම සැලකිය හැක.
එලෙසින් ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තිය යටතේ බලෙන් ලබා ගැනීම් යටතේ ද පෙන්වා දී ඇත. උදාහරණ ලෙස සැක බවට තර්ජනය කරමින් තමාගේ දේපළ පවරා දෙන ලෙස පීඩිත තැනැත්තා පෙළඹවීමේ ක්‍රියාව හඳුනාගත හැක.
පනතට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළ සිදුකරනු ලබන මානසික පීඩාවන් ලෙස උද්වේගශීලී බැණවැදීම්, බරපතළ නින්දා අපහාස කිරීම්, බරපතළ ක්ෂණික පීඩාවන් ඇති කරන ක්‍රියා, පීඩිත තැනැත්තාගේ මානසිකත්වයට පීඩා ඇති කරන ක්‍රියා හඳුනාගත හැකියි.
උදාහරණ ලෙස සැමියා විසින් තම බිරිඳට නොදන්වා සිය දේපළ විකුණා දැමීම, බිරිඳව නිවසින් පිටමං කිරීම සැලකිය හැකියි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තමා අත්දුටුවත් එහි අමිහිරි අත්දැකීම් සමාජයට සඟවමින් ජීවත්වීමට උත්සාහ දැරීම තුළින් පුද්ගල ජීවිතය තුළ අනේකවිධ පීඩාවන් හා ආතතීන්වලට ගොදුරු වී අමිහිරි දිවිපෙවෙතක් ගත කිරීමට සිදුවේ. එබැවින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් නැවත නැවත සිදුවීම වළකා සුරැකි සමාජයක් ඇති කිරීමට නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් හඳුනා ගැනීමත්, හඳුනාගත් ක්‍රියාවන් අභියස ශක්තිමත් තීරණ ගෙන බුද්ධිමත් ලෙස හැසිරීමත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නන් තනි නොකිරීමත් අත්‍යවශ්‍ය සාධක ලෙස හඳුන්වා දිය හැකියි.
බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය මෙහෙයවන “සුරැකි ඔබ” ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඇති අඳුරු පැතිකඩ පිළිබඳව ඔබ තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීම හා එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නන් සඳහා ඇති උපකාරක අවස්ථා මොනවා ද යන්න පිළිබදව සාමාජිකයන් තුළ දැනුවත්භාවයක් ඇති කර ඔවුන්ගේ කායික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීමයි.
බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය