සැහැල්ලුවෙන් ආදරය කරමු

සැහැල්ලුවෙන් ආදරය කරමු

බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මනෝ විද්‍යා උපදේශකවරිය වන රොෂානි බණ්ඩාර මහත්මිය සමග වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනෙන් කතාබහ කළේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි මානුෂීය සම්බන්ධතා කියන මාතෘකාව.

සම්බන්ධතා දිගුකාලීන සහ කෙටිකාලීන සම්බන්ධතා ලෙස ආකාර දෙකක් තියෙනවා. කෙටිකාලීන සම්බන්ධතා කෙටිකාලීන ගනුදෙනුවක් වන අතර දිගුකාලීන සම්බන්ධතා හැඟීම් සමග ඇති කරගන්නා බැඳීමක් විදියට හඳුන්වනවා.

සම්බන්ධතා ගැන කතා කළොත් ඒවා විශාල පරාසයක විහිදෙනවා. දෙමාපියො සහ දරුවෝ අතර සම්බන්ධය, යාළු මිත්‍රාදීන් අතර සම්බන්ධතා, ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධය වගේ මානුෂීය සම්බන්ධතා රාශියක් අපිට තියෙනවා.

සම්බන්ධතාවක් ආරම්භ කිරීම ලේසි වුණත් එය පවත්වාගෙන යාම අසීරුයි. විශේෂයෙන් ම ආදර සම්බන්ධතාවකදි හරි විවාහයකදි හරි විශ්වාසය, අවබෝධය, සැහැල්ලුව ඒ සම්බන්ධතා තුළ නැති වුණා ම තමයි සම්බන්ධතා පලුදු වෙන්නේ. සම්බන්ධතාවක රැඳෙන්න වෙන්නේ පීඩනයකින් නම් එතැනදිත් සම්බන්ධතා දිගුකාලීනව පවත්වාගෙන යන්න අපහසුයි.

රාජකාරි කරන ආයතනයේදි වුණත්, පවුල් ජීවිතේදි වුණත් එකිනෙකා අතර තියෙන විශ්වාසය, තේරුම් ගැනීමේ හැකියාව සම්බන්ධතාවක් ශක්තිමත්ව පවත්වාගන්න වැදගත් වෙනවා. ඒ වගේ තමයි ආදර සම්බන්ධතාවක තේරුම් ගැනීමේ හැකියාව අවම නම් ජීවත්වෙන්න වෙන්නෙ සැකය, පීඩනය එක්ක නිදහසත් අහිමිවෙලා. ඒකෙන් අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිවෙලා සම්බන්ධතා ගිලිහී යන්න ඒ දේවල් හේතු වෙනවා.

විශේෂයෙන් ම අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි සම්බන්ධතාවක් පවත්වාගෙන යනකොට එන ගැටලු කොහොමද අවම කරගන්නේ සහ ඒකට මුහුණ දෙන්නෙ කියන එක. ගැටලු ඇති වුණා ම අනවශ්‍ය විදියට කලබල නොවිය යුතුයි. ඒ වගේ ම සම්බන්ධතාවක් බිඳ වැටුණ ම අපි විවෘත මනසකින් ඒ දිහා බලන්න ඕන. ඒ වගේ ම ඇහුම්කන් දීම, ඉවසීම වගේ කාරණාත් ශක්තිමත් බැඳීමක් පවත්වාගෙන යන්න හේතු වෙනවා.

මේ අතර බ්‍රැන්ඩික්ස් සාරධර්ම ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. බ්‍රැන්ඩික්ස් සාරධර්ම තුළ ජීවත්වෙනවා නම් අනෙකාට ගෞරව කිරීමට අපි නිරායාසයෙන් ම පුරුදු වෙනවා. ඒ වගේ ම අපි පවත්වාගෙන යන සම්බන්ධතාව අවංක නම් ඒ තුළ අපට දැනෙන්නෙ සැහැල්ලුවක්, සැනසීමක්. සම්බන්ධතාවක් දිගුකාලීනව සතුටින් පවත්වාගෙන යන්න නම් මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *