මගේ දුවට

මගේ දුවට

ජයසිරි මා බෝධියට පුද කළ
පියුමක් වගෙයි ඔබ මගෙ දුවේ
කලා වැව් දියවර පිස හමා එන
සිසිල විඳ හිනැහෙන් දුවේ

සඳට පෙම් බැඳි තාරකාවන්
අහස් කුස බබළයි රැයේ
මගෙ දුවේ ගුණ නුවණ වඩවා
සඳක් සේ බැබළෙන් ලොවේ

වෙහෙර මහ දේවිය වගේ
වැදු බිමට ණය නැති ලෙසේ
ලොව අභිමුවේ ජය කෙහෙළි නංවා
පරපුරේ උරුමය රැක ගන් දුවේ

යූ.ඩබ්ලියු.එන්.එම්.කේ. විජේරත්න
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook