Brandix- Ape-Came-Senehasai-Me

බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසයි මේ

උදේ රැයින් නැගිට, ඉරක් හඳක් නොදකින
ටාගට් එක ටයිම් එකට ඉවර කරන්නට
දෙවැනි නිවහන ගමක ඇදෙන අපට
අගහිඟකම් මැද දහසක් පැතුම් පොදි බැඳ
කඳුළුවලට තනියට සිනහවක්
ගෙනෙන්නට වෙර දරන
සිටී මිහිපිට දෙවියෙක්
දුකේදිත් අප සමගම රැඳෙන

රැකගන්න මව්පියන් ගේ දොර
වෙහෙසෙනා පරදුවට තබමින් ජීවය
සියදහස් ගණනින් දූ දරුවන්ට
දෙවැනි පියෙකි ඔබ සෙනෙහසින් අනූන
දහස්දෙන මුව මතින් නැගෙන ආශිර්වාදයෙන්
රැකදෙන්න චිරාත් කාලයක් ඔබව
බ්‍රැන්ඩික්ස් මව්නි,
අෂ්රොෆ් ඕමාර් පියානෙණි,
ඔබ වෙත පිදෙන
බ්‍රැන්ඩික්ස් දූ දරුවන්ගේ
සෙනෙහසයි මේ…

ජී.ආර්.ඒ.එස්. තිලකරත්න

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *