වියමන් TV තුළින් ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට මෙවර එක්වුණේ බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරී මලින්ද සේනාධීර මහතායි.
කලාකාමී පවුලකින් පැවත එන ඔහු ද කලාවට ලැදි අයෙක්. “තවදුරටත් මම කවුද කියලා මම සොයමින් පවතිනවා,” යැයි වැඩසටහන ආරම්භයේදී තමා ගැන හඳුන්වාදෙමින් ඔහු පැවසුවා.
ඔහු උසස්පෙළ විභාගයට පෙනී සිටින්න මාසයකට කලින් ඔහුගේ පියා මියගොස් ඇති අතර සේනාධීර මහතාගේ පියාගේ බලාපොරොත්තුව වී ඇත්තේ සේනාධිර මහතා විශ්වවිද්‍යාලයට යැවීමටයි. පියාගේ වියෝවත් සමග දැඩි ලෙස කඩා වැටුණු ඔහු උසස්පෙළ විභාගයට මුහුණ දුන්න ද විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. තමන්ට විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වුව ද තමා සමග එකට සිටි මිතුරන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට වරම් හිමි වූ බව සේනාධීර මහතා පැවසුවා.
පසුව පුහුණුවන කළමනාකරණ නිලධාරිවරයෙකු ලෙස ආයතනයක සේවයට බැඳුණු ඔහුට වසරක පමණ කාලයක් එහි සේවය කරන අතරතුර නව මාවතක් විවෘත වී තිබුණා උසස් අධ්‍යාපනය ලැබීමටත්. උසස්පෙළින් පසු විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වුව ද කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය සම්බන්ධ උපාධියක් හැදෑරීමට ඔහුට මග පෑදුණා. තවදුරටත් අධ්‍යාපනයෙන් ඉදිරියටම යමින් ඔහු ව්‍යාපාර පරිපාලනවේදය පිළිබඳ උපාධියක් ද සම්පූර්ණ කරගැනීමට සමත් වුණා.
වාසනාව, අරමුණ සහ බලාපොරොත්තුව යන සාධක තුනම ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය බවයි ඔහු පැවසුවේ. “වාසනාවට තමයි මම මේ ක්ෂේත්රයට ආවේ. මම ඉගෙනගත්තෙ වාණිජ අංශයෙන්. එතකොට මට වෙන පැත්තකට යන්න තිබුණා. නමුත් මගේ වාසනාවට මට ඇඟලුම් ක්ෂේත්රය ලැබුණා. මගේ බලාපොරොත්තුව තිබුණෙ කරගන්න බැරිවෙච්ච දේ කරගන්න. අරමුණ කරා මම වේගයෙන් ළඟා වුණා,” පරාජයෙන් නොවැටී ඉදිරියට යමින් තම සිහින සැබෑ කරගත් ඔහු සැබෑම ධෛර්යවන්තයෙක්.
විද්‍යා ප්‍රබන්ධ කියවීමට රුචිකත්වයක් දක්වන සේනාධීර මහතා වෙනස්වන අලුත් අලුත් දේවල් සමග යන ලෝකයකට තමා කැමති බවත් පැවසුවා.
රටේ පවතින වසංගත තත්ත්වයත් සමග ඇඟලුම් කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබුණ අතර අත්‍යවශ්‍ය සේවා කාණ්ඩය යටතේ ඇඟලුම් ක්ෂේත්රයේ සාමාජික සාමාජිකාවන්ට සේවයේ නියැළෙන්නට සිදු විය. “අනිත් සියලු දෙනාම නිවෙස්වල ඉද්දි අපි වැඩ කරනවා කියන එක හරහා මේ රට දුවන්නේ අපේ දහදියෙන්, මහන්සියෙන්, අපේ කැපවීමෙන් කියන එක හැමෝටම තේරුණා,” යැයි සේනාධීර මහතා ඇඟලුම් ක්ෂේත්රයේ අගය ගැන පැවසුවා.
බ්‍රැන්ඩික්ස් වැනි ආයතනයක සේවය කිරීම වටිනා දෙයක් බව වසංගත තත්ත්වය සමග සියල්ලන්ටම වැටහුණ බවත් රට ඉදිරියට රැගෙන යාමටත්, ජීවිතය සාර්ථක කර ගැනීමටත් බ්‍රැන්ඩික්ස් ශ්‍රම බලකායට එකතු වීම ඉතා හොඳ අවස්ථාවක් බව සේනාධීර මහතා වැඩසටහන අවසානයේදී පැවසුවා.