Gunathmakabawa wadagath ai kiyala dannawada

ගුණාත්මකබව වැදගත් ඇයි කියල දන්නවද?

ලෝක තත්ත්ව දිනය හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේ දෙවන සතියේ බ්‍රහස්පතින්දාට තමයි යෙදෙන්නේ. ලෝක තත්ත්ව දිනයේදී ආයතන විවිධ වැඩසටහන් පවත්වමින් ඔවුනොවුන් කරන නිෂ්පාදනවලට හරි සේවාවලට හරි අදාළව තත්ත්වය එහෙමත් නැත්නම් ගුණාත්මකභාවය පවත්වාගැනීමේ වැදගත්කම කියලා දෙනවා. ඒ වගේම රටේ ජනතාවට තමන් මිල දී ගන්න නිෂ්පාදනයක, සේවාවක ගුණාත්මකභාවය ගැන හිතන්නත් වැඩසටහන් ලෝක තත්ත්ව දිනයෙදි පවත්වනවා.

ඕනම ආයතනයක අපි කරන නිෂ්පාදනවල තත්ත්වය පරීක්ෂා කරලා නියමිත තත්ත්වයෙන්, උසස් ප්‍රමිතියෙන් ඒවා වෙළෙඳ පොළට නිකුත් කළේ නැත්නම් ඒකෙන් හානියක් වෙන්නෙ ඒ දේ සල්ලි දීලා ගන්න අයට විතරක් නෙමෙයි, අදාළ ආයතනයටත් ඒක හානියක්. මොකද ඕනම ආයතනයක කීර්තිනාමය රැකෙන්නේ වගේම මිනිස්සු ඒ ආයතනයේ නිෂ්පාදන ගන්න කැමති වෙන්නේ ඒ නිෂ්පාදනවල තත්ත්වය හොඳ නම් විතරයි. ඔයාලා දන්න විදියටම කියනවනම් කොලිටි එක අඩු, ඒ කියන්නේ තත්ත්වයෙන් බාල නිෂ්පාදන සල්ලි වියදම් කරල ගන්න කවුරුවත් කැමති නෑ.

ඒ නිසා තමයි අපි කරන නිෂ්පාදනවල තත්ත්වය වැදගත් වෙන්නෙ. අපි තත්ත්වයෙන් උසස් නිෂ්පාදන කරනකොට ඒ වටා පාරිභෝගික පිරිසක් නිර්මාණය වෙනවා. ඔයාලා වුණත් ෆෝන් එකක් ගන්නකොට ආසා කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. ඒ බ්‍රෑන්ඩ් එකට ඔයාලා ආසා වෙන්නෙත් ඒ ගැන හැමෝම හොඳයි කියන නිසානේ. හිතන්න ඔයා වැඩ කරන බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන. ආයතනය මේ විදියට දියුණු වෙන්නේ ඔයාලා ගුණාත්මක දේවල් නිෂ්පාදනය කරන්න මහන්සිවෙලා වැඩ කරන නිසා. ඒකෙන් වාසිය එන්නේ ආයතනයට වගේම ආයතනයේ වැඩ කරන ඔයාලා හැමෝටම. තත්ත්වයෙන් උසස් නිෂ්පාදන කරන තැනක වැඩ කරනකොට අපිට ඕන තැනක ආඩම්බරෙන් කියන්න පුළුවන් මම වැඩ කරන්නේ මේ ආයතනයේ කියන එක.

ඒ වගේම ආයතනයක් උසස් තත්ත්වයේ නිෂ්පාදන කරනකොට ලබන ආදායමත් ඉහළ යනවා. ඒකෙන් තමයි ආයතනයක වැඩ කරන අයට පඩි වැඩිවෙන්නේ, දීමනා ඇතුළු පහසුකම් ලැබෙන්නෙත්. ඒ නිසා අපිට හැකි උපරිමයෙන් ගුණාත්මක නිෂ්පාදන කරන්න මහන්සිවෙන එක ගොඩක් වටිනවා.

තව දෙයක්, නිෂ්පාදන හා සේවාවල විතරක් නෙමෙයි, ලෝක තත්ත්ව දිනය සමරන අද දවසෙ හිතට ගන්න ඔයාගෙ ජීවිතේ ගුණාත්මකබවත් එන්න එන්නම වර්ධනය කරගන්නවා කියලා. එතකොට තමයි අපි වුණත් දියුණු වෙන්නේ.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *