saradarma mathin pibidunu Brandix apekama

සාරධර්ම මතින් පිබිදුණු බ්‍රැන්ඩික්ස් ‘අපේකම’

බ්‍රැන්ඩික්ස් අපිට එක පවුලක් විදියට ජයග්‍රාහී මාවතක ඉදිරියට යන්න පන්නරය දුන්නේ බ්‍රැන්ඩික්ස් ‘අපේකම’යි. පිබිදුණු මිනිසුන් පිරිසක් සමාජයට දායාද කරමින් පිබිදුණු විසඳුම් ලොවට ලබා දෙන්න බ්‍රැන්ඩික්ස් ‘අපේකම’ට හැකි වුණේ එකාවන්ව එක් අරමුණක් වෙනුවෙන් මහන්සි වන අප සාමාජික සාමාජිකාවන් පිරිසගේ කැපවීම නිසයි.

බ්‍රැන්ඩික්ස් ‘අපේකම’ ගොඩනැගෙන්න මූලික අත්තිවාරම එහෙම නැත්නම් හරය වුණේ බ්‍රැන්ඩික්ස් සාරධර්මයි. සැමට එක සේ ගරු කරමින්, අවංකත්වයෙන් යුතුව වැඩ කරමින්, කණ්ඩායම් හැඟීමෙන් යුතුව විශිෂ්ටත්වය හඹායන්නට බ්‍රැන්ඩික්ස් පියසේ සාමාජික සාමාජිකාවන් තුළ වගා කරගෙන තිබූ සාරධර්ම අත්වැලක් වුණා.

අපගේ ආයතනික සාරධර්ම තමයි ගරු කිරීම, අවංකත්වය, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්වය කියන්නේ. මේ සාරධර්මවලින් පෝෂණය වූ අපට ‘මනුසත්කාර’ වැනි ව්‍යාපෘති මගින් සමාජයට යහපතක් කිරීමට අවස්ථා උදා වුණා. පිබිදුණු අපි අවට සමාජයත් පිබිදුණු සමාජයක් බවට පත් කරන්න සමත් වෙනවානම් එයයි සැබෑ ජයග්‍රහණය. ඒ වගේම ‘හරිත තිරසර’ වැනි ව්‍යාපෘති මගින් අනාගත තිරසාරබව සහ සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් කටයුතු කරන්නත් බ්‍රැන්ඩික්ස් සමූහයට හැකි වුණා.

ආයතනයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ලබාගන්නත්, ජනතාවගේ සිත් තුළ නොමැකෙන සන්නාමයක් වන්නත් බ්‍රැන්ඩික්ස් හට හැකි වුණේ ආයතනයක් කියන සංකල්පයෙන් ඔබ්බට ගොස්  එක පවුලක් ලෙස සමූහයේ සියල්ලන් කටයුතු කරන නිසායි. ‘අපේකමින්’ ප්‍රබෝධවත් වුණ අපි ඉදිරියටත් විශිෂ්ටත්වය කරා යමින් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *