සිත්තම්කාර සිහිනයකින් පිබිදෙන්නට වෙර දරන පිබිදුණු චරිතයක් මෙවර වියමන් TV සමග කතාබහට එක් වුණා. ‘පිබිදුණු අපි’ සංකල්පයට අනුව වියමන් TV සමග කතාබහට එක් වූ ඇය බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ නදීෂා කුමුදුනී.
බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ සේවයේ නියුතු ඇය දක්ෂතාවලින් පිරිපුන් තරුණියක්. රාජකාරි කටයුතු ද සිදු කරන අතර තමාගේම සිහිනයක් අරමුණු කරගෙන කටයුතු කරන ඇය, එම සිහිනය ගැන වියමන් TV සමග පැවසුවා.
“මට තියෙනවා ලස්සන වැඩක්. ලස්සනට සිතුවම් කරන්න පුළුවන්. එක එක විනෝදාංශ තියෙනවා මං ගාව.” විවිධ විනෝදාංශ සමග සිය කාලය ගෙවන ඇය සතු චිත්‍ර ඇඳීමේ හැකියාව කුඩා කල සිටම පැවති හැකියාවක්. පාසල් යන කාලයේ පටන් චිත්රවලට කැමැත්තක් දැක් වූ ඇය මේ දක්වා චිත්‍ර ඇඳීම නොකඩවා කරගෙන පැමිණ තිබෙනවා. ඇයගේ හැකියාවන් ඔප්නැංවීමට අවස්ථා කිහිපයක්ම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ලැබුණු බව පවසන ඇය ලියනාඩෝ ඩාවින්සිගේ ආභාෂයට කැමැත්තක් දක්වයි. සෝලියස් මැන්දිස් මහතා වැනි චිත්‍ර ශිල්පීන්ගේ රේඛා භාවිතය, වර්ණ භාවිතය ගැන ද උනන්දුවක් දක්වන ඇය විවිධ මාධ්‍ය භාවිතයෙන් චිත්‍ර ඇඳීමට දක්ෂතාවක් දක්වන තරුණියකි.
සේවා කාලයෙන් පසු ලැබෙන විවේකී කාලය කළමනාකරණය කරගෙන ඇය චිත්‍ර ඇඳීමෙහි නිරත වේ. තමාගේම චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම ඇයගේ සිහිනය බවයි ඇය පවසන්නේ. එම සිහිනය අරමුණක් බවට පත් කරගෙන ඒ වෙනුවෙන් ඇය මේ දිනවල වෙහෙසෙයි. එම අදහස ඇයට කුඩා කල සිට තිබූ අදහසක් නොව මෑත කාලයේ ඇති වූ අදහසක්. ඇය සේවයේ නියුතු බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ සහය ද ඇගේ එම සිහිනය මල් ඵල දැරීමට ලැබෙන බව ඇය ඉතා සතුටින් මතක් කළා.
ඇයගේ සිහිනය ඉතා ඉක්මනින් සැබෑ වේවා කියා වියමන් TV අපි ප්‍රාර්ථනා කරනවා…