උගතමනා Englishමයි ලොව දිනනා...

දරුවන් තමයි අපේ රටේ හෙට දවස. හෙට දවස ලස්සන වෙන්න නම් අපේ දරුවන් දක්ෂතාවන්ගෙන් පිරිපුන් වගේම අධ්‍යාපනයෙනුත් ඉදිරියට යන දරු පරපුරක් වීම අත්‍යවශ්‍යයි. අද ලෝකය අපි පුංචි කාලේ දැක්කට වඩා ගොඩක් වෙනස්. තාක්ෂණය අතින් ලෝකය ඉතා වේගයෙන් දියුණුවෙමින් තියෙනවා. මේ තාක්ෂණය එක්ක ඉස්සරහට නොගියොත් රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට තරගකාරී ලෝකය ඇතුළෙ ඉඩක් නැතිවෙලා යනවා.

තරගකාරී ලෝකයේ ඉස්සරහට යන්න නම් අද කාලේ අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාව. ඩිජිටල්කරණය වුණ ලෝකයේ ඔයාලා දැකලා ඇති අඩු වයසින් ජීවිතේ දිනන දරුවෝ. ඒවා දකිනකොට ඔයාලගේ දරුවනුත් ඒ වගේ තැනකට එනවනම් කියල ඕන තරම් ඔයාලට හිතිලා ඇති. ඒත් ඒ ගොඩක් දේවල්වලට ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නොදන්නාකම බාධාවක් නම් ඒකට විසඳුම තමයි Right to Read වැඩසටහන.

දරුවන්ව ඉංග්‍රීසි ඉගෙනගන්න පන්ති යවන්න සල්ලි නැහැ, පොත් අරන් දෙන්න සල්ලි නැහැ කියලා හිතෙනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා. Right to Read වැඩසටහනේදී ඇප් එකක් මගින් ගෙදර ඉඳලම දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙන්නේ ස්මාර්ට් ෆෝන් එක විතරයි. 3 වසරේ ඉඳලා 8 වසර දක්වා වන දරුවන්ට ඉංග්‍රීසි හරිම ලේසියෙන් ඉගෙනගන්න අවස්ථාව මේ හරහා ලැබෙනවා.

Right to Read වැඩසටහනේ විශේෂත්වය තමයි බ්‍රැන්ඩික්ස් ආයතනයත්, ලොව පුරා තවත් පරිත්‍යාගශීලීන්ගේ උපකාරත් ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක වීම. රටේ අනාගත පරපුරට මනා ඉංග්‍රීසි අධ්‍යපනයක් ලබා දීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කෙරෙන Right to Read වැඩසටහන ඔයාලගේ දුවා දරුවන් මේ තරගකාරී ලෝකය තුළ විශිෂ්ටයන් බවට පත් කරන්න සමත් වෙන බව නොඅනුමානයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *