නොද කිං සහ නොදෝම කිං

සෑහෙන අහලා පුරුදු වචනයක් නේ…

ජීවිතයේ එක පාරක් හරි ඔය වචනය නම් කියලා ඇති.

ඕකට තව ඉස්සරහට කෑල්ලක් එනවා.

“තුක් නොදකිං…”

තුක් කිව්වේ කෙළ ගහන හඬට…දෙයක් එපා වුණාම, අප්‍රිය වුණාම ඔය වචනය කටට එන එක නවත්වන්න බෑ…

එතකොට නොදෝම කිං කිව්වේ වචනයේ පවර් එක වැඩි කරන්න…නොදකිං මල්ලී නම් නොදෝමකිං කියන්නේ අයියා…

අපේ කතා කරන භාෂාවේ වචන හැදිලා තියෙන්නේ වෙනත් භාෂා බොහෝමයක එකතුවෙන්…තත්සම තත්භව කියලා ඔන්න ඕවා වෙන් කරනවා. සරල උදාහරණයක් දෙන්නම්…

“ශුභ උදෑසනක් ” කියන එක හරි

නමුත්

“සුභ උදෑසනක්” කිව්වොත් වැරදියි…

එහෙනම් කියන්න ඕනේ

“සුබ උදෑසනක්” කියලා…

හරි ඒක පැත්තකින් තියමු…

“නොද” කියන කෑල්ල අයින් කළොත් ඉතිරි වෙන්නේ “කිං” කෑල්ල.

ඉංග්‍රීසි බසින් “කිං” කිව්වේ රජතුමාට.

රජවරු ගැන කතා කළොත් මේ දූපත අමතක කරන්නේ කොහොමද?

අන්න ඒ නිසා පටන් ගමු විජයගෙන්ම…

හෝව්…හෝව්…

විජය කියන්නේ “විජය කුමාරතුංග” නෙමෙයි…

අපේ රාජාවලියේ පළමු රජතුමා…

අර කුවන්ණාව ඩිවොස් කරලා, රජ මාළිගාවෙන් පන්නලා බලය ගත්ත කෙනා.

එයාගේ රාජධානිය තම්මැන්නා…

රජකම් කරනවා අවුරුදු 38ක්…ලේසි නෑනේ…

එයත් එක්ක ආව සත් සියක් පිරිස මේ දූපතේ නවතිනවා. එයාලගේ නම්වලින් ඒ ලොකේෂන් එක නාමකරණය කරනවා.

ඔන්න රාජාවලියේ දෙවැන්නා වෙන්නේ “උපතිස්ස” ඇමති. එයාගේ රාජධානිය වෙන්නේ උපතිස්ස නුවර.

එයාගෙන් පස්සේ පඬුවස්දෙව්, අභය, ගණකතිස්ස සහ පණ්ඩුකාභය කියන රජවරු මේ උපතිස්ස නුවර පාලනය කරනවා.

පළමුවැනි පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ මේ රජකමේ බැටන් එක හෑන්ඩ් ඕවර් වෙන්නෙත් පණ්ඩුකාභය කෙනෙක්ටමයි. ඔන්න එයා අනුරාධපුර රාජධානිය පාලනය කරනවා. ඊට පස්සේ මුටසීව රජතුමා. එයාගේ පුතා වෙන්නේ “දේවානම්පියතිස්ස”

ඔන්න දැන් සීන් එක පැහැදිලියිනේ…

එතන ඉඳලා “ශ්‍රී වික්‍රම රාජසිංහ” කියන අවසන් රජතුමා දක්වා මේ “රාජාවලිය” දික් වෙනවා. ඔය අස්සේ අනුරාධපුරයෙන් පටන් ගත්ත රාජධානි එක එක හේතුන් නිසා නිරිතදිගට සංක්‍රමණය වෙනවා.

ඉස්සර කාලේ මෙම රාජධානි නිරිතදිගට සංක්‍රමණය වීමේ පිළිවෙල මතක තියාගත්තේ මෙන්න මෙහෙම.

“අපොදයාකුගරකො”

අනුරාධපුර, පොලොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, රයිගම, කෝට්ටේ…

ඊට පස්සේ තමයි පෘතුගීසින් අපේ රටට ඇවිත් මේක “සුන්නත්දූලී” කරන්නේ.

ඒ කොහොම වුණත් ක්‍රිස්තු පූර්ව 543 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1815 වෙනකම් අපේම කියන පාලනයක්, රජෙක් යටතේ හිටපු සෙට් එකක් තමයි අපි.

විජය රජතුමා ඉන්දියාවෙන් ආව බව ඇත්ත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නායක්කාර් වංශිකයෙක් බවත් ඇත්ත.

ඒත්…

පොඩ්ඩක් බොක්කෙන්ම හිතුවොත්…ඔය හැම රජෙක්ම අපේ මේ පුංචි දූපතට සෑහෙන වැඩ කොටසක් කරලා තියනවා…

අපි අදටත් කතා කරන්නේ, ආඩම්බර වෙන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන කියලානේ…

හිතෙන්නේ නැද්ද?

තවත් කිං කෙනෙක් වෙන්න…

නොදකිං සහ නොදෝමකිං නොවී…

රියල් කිං කෙනෙක් වෙන්න…

ඒකට රජ වෙන්න ඕනේ නෑ…

පපුව හාරලා බලන්න…

ඔන්න මම කැපුණා…

දොන් ජුවාන්

(මීළඟ ලිපියෙන් ඔයාට මදන විසේ…)

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *