පිබිදුණු විසඳුම් ගෙනෙයි අභිමානී පැසසුම්

බ්‍රැන්ඩික්ස් පවුලේ අපට අද සුවිශේෂී දවසක්. ඒ, ස්වාභිමානී 2020 ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා දායකත්වය දැක්වූ හොඳම සේවායෝජකයා තේරීමේ ජාතික මට්ටමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය සමත් වීම නිසයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම සම්මානය ලබා දීමේදී සැලකිල්ලක් දක්වන්නේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ආයතනය විසින් ලබා දෙන වැටුප් සමානාත්මතාව, තනතුරු සමානාත්මතාව සහ ඔවුන්ට ලබා දෙන දෙන ප්‍රවාහන, වෛද්‍ය සහ සුභසාධන පහසුකම් ආදී විවිධ කරුණු ගැනයි.

විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන්ගේ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය කැපවීමෙන් කටයුතු කරන අතර සංඥා භාෂා පුහුණුව ලැබූ සුපරීක්ෂකවරුන්, කළමනාකාරවරුන්ට අමතරව සංඥා භාෂා පරිවර්තක කටයුතු සඳහා පුහුණු කරල ලද සාමාජිකාවක් ද ආයතනයේ සිටී. තව ද කොග්ගල ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ද සංඥා භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කරමින් ඔවුන්ට සහය දක්වයි.

වීඩියෝ දුරකතන ඇමතුම් ලබා ගැනීමට විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන්ට නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීම බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයෙන් ඔවුන්ට ලැබෙන අතිරේක ප්‍රතිලාභයක්.

T-20 ශ්‍රවණාබාධිත ලෝක ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් තිදෙනෙක්ම බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සාමාජිකයින් වීමත් විශේෂත්වයක්. එහිදී ඔවුන්ට අවශ්‍ය පුහුණු සැසි සඳහා යාමට වැටුප් සහිත නිවාඩු ලබා දීම, නොමිලේ ක්‍රීඩා උපකරණ ලබා දීම වැනි ප්‍රතිලාභයන් ආයතනයෙන් හිමි වුණා.

පිබිදුණු විසඳුම් ලොවට දායාද කරන බ්‍රැන්ඩික්ස් පවුලේ කොග්ගල ආයතනය ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් වියමන් අපෙන් උණුසුම් සුබ පැතුම්!!!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *