ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන බ්‍රැන්ඩික්ස් අප 7 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සම්මානයට පාත්‍ර වීමට සමත් වුණා. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදීයි. නොවැම්බර් මස 26 වන දා පැවති එම සම්මාන උළෙලේදී 2019/20 ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ සම්මානයට අමතරව තවත් සම්මානවලින් පිදුම් ලබන්නට තරම් අප භාග්‍යවන්ත වුණේ එක පවුලක් ලෙස කටයුතු කරන අප සාමාජික සාමාජිකාවන්ගේ වෙහෙස මහන්සිය නිසයි.
ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2019/20 වර්ෂය සඳහා ‘අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය’ සඳහා වන සම්මානයත්, ‘නැගී එන වෙළඳපොළවල විශිෂ්ටතම ක්රියාකාරීත්වයක් පෙන්නුම් කළ අපනයනකරු’ සහ ‘විශිෂ්ටතම අපනයනකරු – ඇඟලුම් – මහා පරිමාණ කාණ්ඩය’ සඳහා වන කාණ්ඩ සම්මානයත් හිමිකර ගැනීමට බ්‍රැන්ඩික්ස් අපට හැකි වුණා. ඒ වගේම 2020/21 වර්ෂය සඳහා ‘අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය’ යන කාණ්ඩයේ සමස්ත ජයග්‍රහණය ලබා ගන්නත් බ්‍රැන්ඩික්ස් අපට පුළුවන් වුණා.
පිබිදුණු විසඳුම් ලොවට දායාද කරමින් මේ සියලු ජයග්‍රහණ කරා යාමට අපට හැකි වුණේ ගරු කිරීම, අවංකත්වය, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්වය යන සාරධර්ම මුල් කරගෙන එකාවන්ව අප කටයුතු කරන නිසයි. ලොව ජනප්‍රියතම ඇඟලුම් සන්නාම සඳහා පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට අපගේ සාමාජික සාමාජිකාවන් සමත් වන්නේ ඔවුන් R.I.T.E. සාරධර්මවලින් ද පෝෂිත පිබිදුණු මිනිසුන් නිසාය.
2012 සිට 2016 වසර දක්වාත්, 2018/19 වර්ෂය සඳහාත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස ජනාධිපති සම්මාන දිනා ගන්න බ්‍රැන්ඩික්ස් අප සමත් වුණා. ජාතික ආර්ථිකය නංවාලීමට සවිමත් අත්වැලක් වෙමින් අප මේ ආ ජයග්‍රාහී ගමන පසුපස තිබෙන්නේ අප කාර්ය මණ්ඩලයේ සහ සාමාජික සාමාජිකාවන්ගේ අප්‍රතිහත කැපවීමයි.
පිබිදුණු මිනිසුන් සමග පිබිදුණු විසඳුම් ලබා දෙමින් ඇඟලුම් ක්ෂේත්රයේ ජය කෙහෙලි නංවන්නට යන ගමනේදී අපට සවියක් වූ ඔබ සියලු දෙනාටම වියමන් අපගේ හෘදයාංගම ස්තුතිය…