ශ්‍රී ලංකා නාමය බැබළවූ බ්‍රැන්ඩික්ස් විශිෂ්ටයෝ

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී නොවැම්බර් 30 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා පැවති 20 වන ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ආසියාවේ 10 වන ස්ථානයට ඔසවා තැබීමට ශ්‍රී ලංකා පිරිමි ස්කොෂ් කණ්ඩායම සමත් වුණා.

එහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, 2012 වසරෙන් පසු පළමුවරට ඒ වගේ ශ්‍රේණිගත කිරීමකට ශ්‍රී ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලැබුණේ මෙම 20 වන ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියේදි වීම.

පිබිදුණු මිනිසුන් සමග පිබිදුණු විසඳුම් ලොවට දායාද කරන බ්‍රැන්ඩික්ස් හි සාමාජිකයින් වන රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් යන ස්කොෂ් ශූරයන් දෙදෙනාත් මෙම තරගාවලියට සහභාගී වුණා. ඉන්දුනීසියානු කණ්ඩායම 2-1ක් වශයෙන් පරාජය කිරීමට අප ශූරයන් දෙපළ වන රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් දෙදෙනා සමත් වුණා.

සැමදා පිබිදුණු විසඳුම් සමග ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් සමූහයේ, අපේම ශූරයන් දෙදෙනෙක් 20 වන ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියේදී ශ්‍රි ලංකාවේ නාමය ඉහළින් ඔසවා තබන්නට දායක වීම අපට මහත් ආඩම්බරයක්.

20 වන ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාමය බැබළවූ රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් ඇතුළු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට වියමන් අපගේ උණුසුම් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *