ජය පැරදුම සමබරව විඳිමු

වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට මෙවර එක් වුණේ පරිසරයට හිතැති ගහ කොළ සමග දිවි ගෙවීමට ප්‍රිය කරන අපූරු චරිතයක්. ඔහු තමයි බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මානව සම්පත් කළමනාකරු රංජිත් නිහාල් රණවීර මහතා.

රංජිත් මහතා වසර හයක කාලයක් පුරා බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මානව සම්පත් කළමනාකාරවරයා ලෙස කටයුතු කරනවා. පුහුණුවන තත්ත්ව සුපරීක්ෂකවරයෙකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු, ධෛර්යයෙන් ඉදිරියට යන චරිතයක් බව පෙන්වා දීමට ඔහු වර්තමානයේ සිටිනා ස්ථානයම හොඳ උදාහරණයක්.

සමාජය තුළින් හොඳ සහ නරක වෙන්කර හඳුනාගෙන ඉන් හොඳ දේ පමණක් සිය ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ඔහු, මානව සම්පත හසුරවන ප්‍රධානියෙකු ලෙස ඒ දේවල් තවත් පිරිසකට ලබා දෙන අතර ඔහු පවසන්නේ සමාජය තුළින් ඉගෙන ගැනීමට තමා කැමති බවයි.

පින්නවල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් සමයේදී ක්‍රීඩාවට ද ඉතා ආදරය කරන පුද්ගලයෙක්.

“ජයග්‍රහණයන් අපි විඳිනවා. නමුත් පරාජයන් ලැබීම තුළින් අපි තවත් ජයග්‍රහණයන් ගොඩකට මග පාදාගන්නවා. ජීවිතය කියන්නේ ජයග්‍රහණයන් සහ පරාජයන් එක ලෙස විඳ දරා ගැනීමයි.”

පරිසරයටත් බෙහෙවින් ආදරය කරන ඔහු පවසන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ‘හරිත තිරසර’ සංකල්පය තුළින් තමාට ඒ සුන්දරත්වය විඳීමට හැකියාව ලැබෙන බවයි.

“රාජකාරි ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන්නේ දෙකක් තමයි. නමුත් මට එහෙම නෑ. මට ගෙවල් දෙකක් තියෙනවා. දෙවැනි ගෙදර තමයි මේක. මොකද වැඩිපුර වෙලාවක් මම ඉන්නේ මේ කට්ටියත් එක්ක. මම හිතනවා, මානව සම්පත් කළමනාකරුවෙක් විදියට මේක තමයි මගේ සම්පත,” රංජිත් මහතා ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් පැවසුවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *