ජීවිතයේ විවිධ අවස්ථා එනවා තවත් අයෙකුගේ ජීවිතයක් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපේ සහය අවශ්‍ය වන. එවැනි අවස්ථාවල නොපැකිළව ඉදිරියටවිත් අවැසි සහය උපරිමයෙන් ලබා දෙන ආයතනයක් තමයි බ්‍රැන්ඩික්ස් කියන්නේ. මනුසත්කාරය තුළින් මනු දැය නංවාලමින් සුරක්ෂිත කිරීමට බ්‍රැන්ඩික්ස් ආයතනයට අවස්ථා ගණනාවකදි හැකිවෙලා තියෙනවා.
මනුසත්කාරය නම් සංකල්පය තුළින් තවත් සමාජ සත්කාරයකට දායක වෙන්න බ්‍රැන්ඩික්ස් අපට හැකි වුණා. බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය සහ බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනය එක්ව හිඟුරක්ගොඩ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය කරන උපකරණ ලබා දීම පසුගිය දා සිදු වුණා. එම උපකරණ මෙම මොහොතේදී කොරෝනා රෝගීන්ට උපකාර කිරීමට අත්‍යවශ්‍යම උපකරණ වීම විශේෂයි.
කොරෝනා වසංගත තත්ත්වය සමග වැඩිවන රෝගීන්ට අනුව ප්‍රතිකාරවලට අවශ්‍ය උපකරණ ප්‍රමාණය ඉහළ නැංවීම මේ මොහොතේ අවශ්‍යම කාරණයක්. ඒ මනුසත්කාරය සඳහා දායකත්වය දැක්වූ බ්‍රැන්ඩික්ස්, අපේම මනු දැය සුරකිමින් මිනිසුන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ජීවිතවලට හුස්ම පොදක් වන්නට ඉදිරියටත් සූදානම්. බ්‍රැන්ඩික්ස් අපේකම සමග ඉදිරියට යමින් මනු දැය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම පිබිදුණු බ්‍රැන්ඩික්ස් අපගේ ප්‍රාර්ථනාවයි.