අපේකමෙන් හැඩවෙන රන්තරු කුමර කුමරියෝ

“හොඳම දේ දරුවන්ට” කියලා කියමනක් තියෙනවා. අද දවසේ දරුවා තමයි හෙට දවසේ රටේ අනාගතය. ඉතින් දරුවන්ව අද දවසේ හොඳ දෙයින් පෝෂණය කළොත් තමයි හෙට දවසේ වැඩිහිටියන් බවට පත් වන ඔවුන් සමාජයට වැඩදායී පුද්ගලයන් වෙන්නේ.

පිබිදුණු මිනිසුන් සමග ලොවටම පිබිදුණු විසඳුම් දෙන බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තුළින් සමාජයට හැමදාම ලබා දෙන්නේ යහපත් දේවල්මයි. ඒ අනුව යමින් බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තුළින් ‘රන්තරු කුමර කුමරියෝ’ සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය කිරීම පසුගිය දිනවල සිදු වුණා. බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතනවල සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ ‘රන්තරු කුමර කුමරියෝ’ තරගයට සහභාගී වූ සියලුම දුවා දරුවන්ට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීමේ කටයුතු ආයතන මට්ටමින් සිදු කෙරුණා.

සිය ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ගේ සතුට වෙනුවෙන් තරග ඉසව් සංවිධානය කර ඔවුන්ගේ පුංචි හිත්වලට සතුටක් ලබා දීම සාමාන්‍යයෙන් බ්‍රැන්ඩික්ස් සමූහය තුළ සිදුවන්නක්. ලස්සනට හැඩ වූ පුංචි කුමර කුමරියන්ගේ ඡායාරූප තමයි ‘රන්තරු කුමර කුමරියෝ’ තරගයට ඉදිරිපත් කළේ.

පවතින වසංගත තත්ත්වය නිසා දරු දැරියන්ව ආයතනවලට ගෙන්වා සහතික ලබා දීම වෙනුවට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සිතා එම දරු දැරියන්ව නියෝජනය කරමින් ඔවුන්ගේ දෙමාපියන් වෙත සහතික පත්‍ර සහ ත්‍යාග ලබා දීම සිදු කෙරුණා.

තරගයට සහභාගී වුණ ‘රන්තරු කුමර කුමරියන්’ සියලු දෙනාට වියමන් අපෙන් ලස්සන අනාගතයකට සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *