පිබිදුණු දරු පරපුරක් වෙනුවෙන් පිදෙන රන්දරු තිළිණ

සැමදා ‘මනුසත්කාරය’ තුළින් මනු දැය නංවන්නට කැපවෙන බ්‍රැන්ඩික්ස්, දෙසැම්බරයේදී තවත් අපූරු සමාජ සත්කාරයක් අඛණ්ඩව සය වන වරටත් ක්‍රියාත්මක කළා. ඒ බ්‍රැන්ඩික්ස් ‘රන්දරු තිළිණ’ වැඩසටහනයි. අපේම පුංචි දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාරයක් ලෙස ජනවාරි මාසයෙන් පටන් ගන්නා ඔවුන්ගේ නව පාසල් වාරය වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පාසල් පොත් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබා දීම ‘රන්දරු තිළිණ’ වැඩසටහන තුළින් සිදු වෙනවා.

2016දී ආරම්භ කළ ‘රන්දරු තිළිණ’ වැඩසටහන මගින් මේ වන විට දරු දැරියන් 37,000කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ හිමිව ඇති අතර මෙම වසරේදී බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් 8,354 දෙනෙකුට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම සිදු වෙනවා. ආයතන මට්ටමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ‘රන්දරු තිළිණ’ වැඩසටහන පවත්වන්න සියලු කටයුතු සම්පාදනය වුණේ ඒ අනුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ද සමග එක්ව බ්‍රැන්ඩික්ස් සමාගම දියත් කරන මෙම වැඩසටහන පසුගිය දා ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙවර තවත් විශේෂත්වයක් එක් වුණා වැඩසටහනට. අධ්‍යාපනයේ වටිනාකම මැනවින් හඳුනාගත් අප ‘රන්දරු තිළිණ’ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ප්‍රදේශය අවට දරු දැරියන් දහසකටත් අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම මෙවර පළමුවරට සිදු කළා.

අපේ පැරන්නන් අධ්‍යාපනයේ වටිනාකම දැක්ක ආකාරය ගැන හොඳම උදාහරණය තමයි පහත කවිය.

තිබූ තැනක සොර සතුරන් ගත           නොහෙනා

එ සැඩ මනා වත් වතුරෙන් වල           නොහෙනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත            නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු                   රැකෙනා

රටේ අනාගතය භාර ගන්න සිටිනා දරු දැරියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන ක්‍රියාත්මක ‘රන්දරු තිළිණ’ වැඩසටහන කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ වුව ද සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව කරන්නට මෙවරත් බ්‍රැන්ඩික්ස් සමාගම තීරණය කළේ අධ්‍යාපනයේ අගය බ්‍රැන්ඩික්ස් අප හොඳටම හඳුනන නිසාමයි. සොරකම් කළ හැකි දහසක් දේ අතර කිසිවෙකුට සොරකම් කළ නොහැකි දේ තමයි අපි ලබන අධ්‍යාපනය. බ්‍රැන්ඩික්ස් අප ‘රන්දරු තිළිණ’ වැඩසටහන තුළින් ලබා දෙන පාසල් උපකරණ අපේම පුංචි දුවා දරුවන්ගේ අධ්‍යාපනයට මහඟු පිටිවහලක් බව අප දන්නවා. කිසිවෙකුට පැහැරගත නොහැකි වස්තුවක් වූ අධ්‍යාපනය නිසි ලෙස ලබා ගෙන ජීවිතය ජයගන්න අප ලබා දෙන පොත් පත් ඇතුළු පාසල් උපකරණ ඔවුන්ට සවියක් වන බව නොඅනුමානයි.

‘රන්දරු තිළිණ’ ලැබූ දුවා දැරියනි, ඔබට හෙට දවසේ ලෝකය දිනන්න ශක්තිය, ධෛර්ය ලැබේවා යනු වියමන් අපගේ පැතුමයි…

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *