පනස් වසරක බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ කතාව

සාර්ථක ගමනක් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ යන්න නම් ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පියවරෙන් පියවර පුංචි පැළයක් මහා වෘක්ෂයක් වෙනවා වගේ තමයි ඒ ගමන යන්න වෙන්නේ. බ්‍රැන්ඩික්ස් අපිත් පුංචි පැළයක් වගේ ආරම්භ කළ ගමන දලු දමා වැඩෙමින් මහා වෘක්ෂයක් ලෙස වැඩෙමින් 2022 නව වසරේදී සුවිශේෂ කඩඉමකට ඇවිත් තියෙනවා. ඒ සුවිශේෂ කඩඉම තමයි බ්‍රැන්ඩික්ස් අඩ සියවසක ගමන සනිටුහන් කරන්නේ මේ වර්ෂයේ වීම.

1972 වසරේදී ජාඇළ ප්‍රදේශයේ ලක්ස් ෂර්ට් නමින් බ්‍රැන්ඩික්ස් සමූහයේ පළමු ආයතනය ආරම්භ වූ අතර එය දලු දමා අතුපතර විහිදමින් සිය සාමාජිකයන්ට මෙන්ම සමාජයටත් සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වූයේ කෙමෙන් සිය ආයතන සංඛ්‍යාවත් ඒ මගින් රටේ ආර්ථිකයට ලබා දෙන ශක්තියත් ඉහළ නංවමින්. මේ පනස් වසරක ගමන අභියෝග රැසක් මැද ඒ සියල්ලටම සාර්ථකව මුහුණ දෙමින් පැමිණි ගමනක් වන අතර කැපවීමෙන් සහ ධෛර්යයෙන් සිය රාජකාරි ඉටු කරන අප සාමාජික සාමාජිකාවන් ඒ සාර්ථකත්වයට හේතුවයි.

බ්‍රැන්ඩික්ස් සාරධර්ම මතින් පිබිදුණු, බ්‍රැන්ඩික්ස් අපේකම හදවතින් දරාගත් සාමාජික සාමාජිකාවන් සමග එක්ව ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සත් වතාවක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්නත් බ්‍රැන්ඩික්ස් අපට හැකි වුණා.

ලොවටම පිබිදුණු විසඳුම් ලබා දී ඒ ජයග්‍රහණවල ප්‍රබෝධවත් සතුට ‘මනුසත්කාරය’ තුළින් මනු දැයත්, ‘හරිත තිරසර’ තුළින් මිහිමවත් පුබුදුවාලීමට යොදාගන්නට සමාජ සත්කාරය අගයන බ්‍රැන්ඩික්ස් අප කටයුතු කළා.

අභිමානවත් පනස් වසරක චාරිකාව හැඩ කරමින් විශිෂ්ටත්වයට කරා පියමං කර ලොව සුපතළ ඇඟලුම් සන්නාමයක් බවට බ්‍රැන්ඩික්ස් නාමය පත් කරන්නට වෙහෙස වුණ අප සාමාජික සාමාජිකාවන් සැමට වියමන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර ඉදිරියටත් පිබිදුණු විසඳුම් ලොවට දායාද කරමින් විශිෂ්ටත්වයෙන් ඉහළටම යන්නට අපි අධිෂ්ඨාන කරගමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *