ගරුත්වය අගයන තෛපොංගල් මංගල්‍යය

ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් සිය නව වසරේ ආරම්භය වන තෛපොංගල් දිනය සෑම ජනවාරි මාසයකම උත්සවශ්‍රීයෙන් සමරනවා. හින්දු දින දර්ශනයට අනුව ‘තෛ’ යනුවෙන් හඳුන්වන්නේ ජනවාරි මාසයයි.

තෛපොංගල් උත්සවය හින්දු භක්තිකයන්ගේ නව වසරේ උදාව සේම ‘අස්වැන්න නෙළීමේ උත්සවය’ ලෙස ද හඳුන්වනවා. සාරවත් අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් ඒ සඳහා උපකාරී වූ සූර්යයා, මහ පොළොව, වැස්ස සහ ගවයන් වැනි සතුන් ඇතුළු මුළු පරිසරයටම තුති පුද කිරීම තෛපොංගල් මංගල්‍යයේදී සිදු කෙරෙනවා. තමන්ට සාරවත් අස්වැන්නක් ලබා දීමට උපකාරී වූ පරිසරයට ගරු කිරීමක් වශයෙන් තුති පුද කිරීම සිදු කරන හින්දු භක්තිකයන් එකමුතුකම සහ හොඳ හිත වර්ධනය කර ගැනීම වෙනුවෙන් සිය අසල්වාසීන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ද එදින සිදු කරනවා.

ගරු කිරීම බ්‍රැන්ඩික්ස් සාරධර්මයක් වන අතර බ්‍රැන්ඩික්ස් පියසේදී පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලොවට දායාද කිරීමට මෙන්ම පෞද්ගලික ජීවිතය ද සුන්දරව ගත කිරීමට බ්‍රැන්ඩික්ස් සාරධර්මවලින් ලැබෙන්නේ ඉමහත් පිටිවහලක්. අන්‍යයන්ට ගරු කිරීම තුළින් තමාට ද ගරුත්වයක් හිමි වෙනවා.

තෛපොංගල් දිනයේදී හාල්, මුං ඇට, හකුරු, කිරි, ගිතෙල් ආදිය යොදා ගනිමින් ඉතා රසවත් වූ පොංගල් බත් සෑදීම සිදු කරනවා. ඒ වගේම තමයි කෝලම් රටා ඇඳීමත් තෛපොංගල් දිනයේදී සිදු වන කටයුත්තක්. උදෑසනම පිබිදෙන හින්දු කාන්තාවන් පිරිසිදු කරන ලද සිය නිවෙස් ඉදිරිපිට හාල් පිටිවලින් කෝලම් රටා අඳිනවා. මේ කෝලම් රටාවලට හාල් පිටි යොදා ගැනීමේ අරමුණ වෙන්නේ කුහුඹුවන් සහ පක්ෂීන් වැනි සතුන්ට එය ආහාරයක් ලෙස ගැනීමට ඉඩ සැලසීමයි. ඒ වගේ යහපත් අරමුණු, සාරධර්ම රැසක් සමගයි හින්දු භක්තිකයන් තෛපොංගල් උත්සවය සමරනු ලබන්නේ.

තමාට අස්වනු ලබා දීම වෙනුවෙන් ගරුත්වය දැක්වීමට පරිසරයට තුති පුදමින් සමරන තෛපොංගල් මංගල්‍යය සියලුම හින්දු භක්තිකයන්ට සශ්‍රීකත්වය පිරුණු තෛපොංගල් මංගල්‍යයක් වේවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *