සීත සුළං රැලි දසත හමන්නේ
ගහ කොළ මල් අතු රිකිලි නටන්නේ
තරුවක් පායා අහසේ දිලෙන්නේ
දුප්පත් ගවලෙන තුළ ඉපදෙන්නේ
මරියතුමිය පින්බර මව වන්නේ
ජුසේතුමා පියතුමා කියන්නේ
ජේසුතුමා මෙලොවට බිහිවන්නේ
දුප්පත් එඬේරු හට මෙය දැනුණා
හනික ඔහු ද ගවලෙන වෙත ඇදුණා
තරු එළියෙන් ගවලෙන බබළවනා
ඒ රුව දැක සතුටින් හද පිරුණා
රජතුන් කට්ටුව තරුවෙන් දිලෙනා
මඟ අසමින් යති ඒ රුව දකිනා
මුළු තුන් ලොව දුක් නැති කරලමිනා
ඒ නිරිඳුන් ඔහු බව දැන උන්නා
තුන් ලෝකෙට මෙන් කරුණා පතුරන
සාමය සමගිය සිත් තුළ ඇති කළ
දුටු විට ඒ රුව සැම සිත් සතුටින
සමරමු සතුටින් මේ නත්තල් දින
ආර්. එම්. ටී. විජයංගනී
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය