ඔබට තියෙන්නේ තව දින 18,000යි

වියමන් TV ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහන තුළින් මෙවර කතාබහ කරන්නේ ඔයාලගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරන මාතෘකාවක් ගැන. මින් පෙර ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහන්වලදි කතාබහ කළා සාර්ථකත්වය සහ ජීවිතයේ අරමුණු හඹා යන්නේ කොහොමද කියන එක පිළිබඳව. මේ හැමදේම සමග බද්ධ වන කාල කළමනාකරණය ගැන තමයි මෙවර වැඩසටහනෙන් කතා කරන්නේ. කාල කළමනාකරණය ගැන හරි අපූරුවට කියලා දෙන්න මෙවර වැඩසටහනට එක් වුණා Brandix Corporate Campus ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක මහතා සහ එම ආයතනයේ Center for Apparel Technology and Business Excellence අංශ ප්‍රධානී චාමිකර ජයකොඩි මහතා.

32,850 කියන අංකය කිව්වම ඔයාලගේ මතකයට එන්නේ මොකක්ද? එක එක අයට විවිධ අදහස් එන්න පුළුවන්. කවුරු හරි පුද්ගලයෙක් අවුරුදු 90ක් ජීවත් වෙනවා නම් එම පුද්ගලයාට ජීවත් වෙන්න තියෙන දින ගණන තමයි 32,850 කියන්නේ. අපි ගොඩක් වෙලාවට හිතනවා අපිට තව කල් තියෙනවා කියලා. දින 32,850ක් ජීවත් වෙන්න තියෙන්නේ කිව්වම ඔයාලට සමහරවිට හිතෙන්න පුළුවන් ලොකු කාලයක් නෑ කියලත්. දළ වශයෙන් ගත්තොත් ලංකාවේ පුද්ගලයෙක්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 75ක්. එතකොට අර මුලින් කිව්ව දින ගණන තවත් අඩු වෙනවා. එතකොට ජීවත් වෙන්න තියෙන දින ගණන 27,375ක්.

දැන් ඔයාගේ වයසත් එක්ක ගත්තම ජීවත් වෙන්න තියෙන දින ගණන තවත් අඩු වෙනවා. මේ විදියට හිතුවම ජීවිතයේ අපේ සිහින, අරමුණු ඉටු කරගන්න තව කල් තියෙනවනේ කියලා තිබුණ හැඟීම ගැන අපිටම පුංචි බයක් එනවා. ඒකත් එක්ක කාල කළමනාකරණය කියන කාරණය ජීවිතේට ගොඩක් වැදගත් බව ඔයාලට තේ

රුම් යයි. අපිට තියෙන දහසක් බලාපොරොත්තු ඉටු කරගන්න ජීවිත කාලය තුළ අපිට පුළුවන් ද කියන ගැටලුව තියෙනවා. නමුත් හරියට කාලය කළමනාකරණය කරගන්නවා නම් ගෙවී ගිය තත්පර ගැන හිතලා දුක් වෙන්න හේතුවක් ඔයාට ඇති වෙන්නේ නැහැ.

කාලය කළමනාකරණයට විවිධ ක්‍රමවේද තියෙනවා. මේ අතරින් එකක් තමයි අයිසන්හවර් ක්‍රමවේදය කියන්නේ. Stephen R. Covey විසින් රචිත The 7 Habits of Highly Effective People කියන පොත මිලියන 25කට අධික පිටපත් ගණනක් අලෙවි වුණ පොතක්. ‘අතිශයින්ම සඵලදායී පුද්ගලයන්ගේ සිරිත් 7’ කියලා ඒ පොත සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ පොතේ මේ අයිසන්හවර් ක්‍රමවේදය ගැන සඳහන් වෙනවා. ඒ පොතේ කතා කරන එක කාරණයක් තමයි ප්‍රමුඛ දෙයට මුල්තැන දෙන්න කියන එක. අපි කරන දෙයක වැදගත්කම සහ කෙතරම් ඉක්මනින් යමක් කරන්න ඕන ද කියන එක ගැන අපි හිතන්න ඕන. වැදගත්කම සහ හදිසිය අඩු හෝ වැඩි ක්‍රියාකාරකම් අපේ ජීවිතේ තියෙනවා. උදාහරණයක් විදියට සමාජ මාධ්‍ය භාවිතය ගත්තොත් ඒක වැදගත්කම අඩු, හදිසිය අඩු කාරණයක් විදියට සලකන්න පුළුවන් අපි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කාලය ගෙවාගන්න වගේ කාරණාවකට නම්. ඔයා යම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නම් ඊට අදාළ කාරණා වැදගත් සහ හදිසි බවින් වැඩි කාරණා වෙනවා. උදේ නැගිටින වෙලාවේ ඉඳලා රෑ නින්දට යන වෙලාව වෙනකම් අපි එදිනෙදා කරන කටයුතුවල ලැයිස්තුවක් සකස් කරගන්නවා නම් කාලය කළමනාකරණය කරගන්න ලේසියි. සතියක පමණ කාලයක් අපි දවස ගත කළ හැටි හැමදාම ලියාගත්තොත් අපිට අවබෝධයක් ගන්න පුළුවන් අපි වැදගත්කම වැඩි සහ වැදගත්කම අඩු දේවල් දවසකට කොතරම් කරනව ද, හදිසියක් නැති සහ හදිසි දේවල් දවසකට කොතරම් කරනවා ද කියලා. මේක අයිසන්හවර් ක්‍රමවේදය යොදාගෙන විශ්ලේෂණය කරන්න අපිට පුළුවන්. ඉන්පසු ඔයාට පුළුවන් දෛනික ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් ලබාගෙන ඒ දේවල් වෙනස් කරගෙන කාලය කළමනාකරණය කරගන්න.

ඔයාගේ සාර්ථකත්වය ඉක්මනින් ළඟා කරගන්නත්, ආතතිය අවම කරගෙන, සැහැල්ලුවෙන් ජීවිතය දිනන්නත් කාල කළමනාකරණය ලොකු උදව්වක් වෙනවා. ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් කාලය කළමනාකරණය කිරීමට අදම ක්‍රියාත්මක වෙන්න.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *