බ්‍රැන්ඩික්ස් සෙවණේ පිබිදුණු දිරිය දියණිය

වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට මෙවර එක් වන්නේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ දිරිය දියණියක්. ඇය නමින් හර්ෂණී ජයසූරිය.

“මම මේ ආයතනයට සම්බන්ධවෙලා අවුරුදු තුනක් වෙනවා. මුලින්ම නුපුහුණු මැහුම් ශිල්පිනියක් විදියට තමයි ආයතනයට බැඳුණේ. අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත ආයතනයේ තියෙන හැම මැෂින් එකක් ගැනම ආයතනය මට පුහුණුව ලබා දුන්නා. ඒ වගේම ටාගට් එකට යන්න පුළුවන් සුපර් ග්‍රේඩ් මට්ටමටම ආවා. ඊට පස්සේ ආයතනයට දෙයක් කරන්න මට පුළුවන් කියන එක හැඟුණා. මම ටීම් ලීඩර් ඇප්ලයි කළා. මාව ටීම් ලීඩර් තනතුරට පත් කරලා දැන් අවුරුද්දක් වෙනවා.”

කෙටි කාලයක් තුළ කණ්ඩායම් නායිකාවක් බවට පත්වෙන්න හර්ෂණීට හැකි වුණේ ඇයට ඇය ගැන තිබුණ විශ්වාසය සහ කැපවීම නිසා. රැකියාව තුළ ඒ අයුරින් ඉහළට යන ඇය රැකියාවට අමතරව ව්‍යාපාර කටයුතුවල ද යෙදෙනවා. ඇයට ඒ සඳහා දිරිය, මඟ පෙන්වීම ලැබුණේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව ඇය ඉමහත් ගරුත්වයෙන් සිහිපත් කරනවා.

“මම ශිෆ්ට් එකටනේ වැඩ කරන්නේ. මගේ ශිෆ්ට් එක ඉවර වුණාම ගෙදර ගිහින් මගේ ව්‍යාපාරයට තමයි වැඩියෙන් කාලය යොදවන්නේ. මම වැඩ දෙක කලවම් කරගන්නේ නැහැ. මෙහේ ගේට්ටුවෙන් එළියට යනකොට මගේ මෙහේ වැඩ ටික මම මෙහේ තියලා යනවා. ගෙදර ගියාම මගේ බිස්නස් එකේ වැඩයි, බබාලගේ වැඩයි, හස්බන්ඩ්ගේ වැඩයි ප්ලෑන් කරලා කරගෙන යනවා.”

රැකියාවක් සමග තමන්ගේම ව්‍යාපාරයක් කිරීම බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් අසීරු කටයුත්තක් කියලා. නමුත් කාලය කළමනාකරණය කරගෙන සිය අරමුණ වෙනුවෙන් කැපවීමට බ්‍රැන්ඩික්ස් ආයතනය සිය සාමාජික සාමාජිකාවන්ට ලබා දෙන පන්නරය, පුහුණුව විශාල වශයෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ දියුණුවට පිටිවහලක් වී ඇති බවට හර්ෂණී හොඳම උදාහරණයක්.

“මම ගෙදර ඉන්න කාලේදී කාලය අපතේ යැව්වෙ නැහැ. NAITA ආයතනයෙන් පුහුණුව ලැබුවා. ඒ වගේම කුඩා ව්‍යාපාර අංශය මාව දිරිමත් කළා පුහුණුව සම්බන්ධයෙන්. ඒ ආයතනය මට නොමිලේ BMICH ප්‍රදර්ශනවලට යන්න අවස්ථාව ලබා දුන්නා. ශිල්ප සභාව සමග ප්‍රදර්ශනවලට සම්බන්ධ වුණා. ජනාධිපති සම්මාන අවුරුදු 3ක්ම ලබා ගන්න හැකියාව ලැබුණා.”

හර්ෂණී සේවය කරන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය ඇයගේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් සහය දෙමින් ඇයට විශාල ශක්තියක් වන බව ඇය සිහිපත් කළා. විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් සාරධර්ම සිය ගමනට දිරියක් වූ බව ඇය පවසනවා.

බ්‍රැන්ඩික්ස් සාරධර්ම සිය ජීවිතයට සම්බන්ධ කරගෙන ජයග්‍රාහී ගමනක් යන දිරිය දියණිය හර්ෂණීට වියමන් අපෙන් සාර්ථක අනාගතයකට සුබ පැතුම්!!!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *