ඉලක්කම්වලට වඩා මනුස්සකමට පෙම්බැඳි මිනිසෙක්

වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට මෙවර එක්වුණේ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ මානව සම්පත් කළමනාකරු පියල් සමරසිංහ මහතා. රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර බලන්ගොඩ ගම්පියසේ උපත ලැබූ සමරසිංහ මහතා සිය සිහින හඹා ගොස් ජයගත් පුද්ගලයෙක්.

“මගේ අධ්‍යාපනයේ පළවෙනි අඩිය මම තියන්නේ බලන්ගොඩ ජාතික පාසලට. පාසලේදී මට විශේෂ අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අධ්‍යාපන කටයුතුවලට අමතරව මම ක්‍රීඩා කටයුතුවලටත් බොහෝවිට යොමු වුණා.

පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව හිමි වුණා. ඒත් එක්කම මට අලුත් මාවතක් විවෘත වුණා ඉදිරියට යන්න. විශ්වවිද්‍යාලයේදී මම පිහිනුම් ක්‍රීඩාව සිදු කළා වගේම පිහිනුම් ක්‍රීඩාවෙන් මට විශ්වවිද්‍යාලය තුළදී විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා.

ඒ වගේම මම කැමැත්තක් දැක්වූවේ මූල්‍ය ක්ෂේත්‍රයට. මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක්  කිරීම තමයි මගේ අරමුණ වුණේ. ඒ ක්ෂේත්‍රයෙන්ම පළමු රැකියාව මට හිමි වුණා. නමුත් මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා මම රැකියාව කරමින් ඉන්න අතරතුර මට තේරුම් ගියා ගණන්, ඉලක්කම් එක්ක වැඩ කරනවාට වඩා මගේ කැමැත්ත තියෙන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න කියලා. ඒත් එක්කම මම මූල්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා මානව සම්පත් ක්ෂේත්‍රයට යොමු වෙන්න තීරණය කළා.

මානව සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ මගේ කැමැත්ත තිබුණේ බ්‍රැන්ඩික්ස් වගේ ආයතනයක් එක්ක සම්බන්ධවෙලා රාජකාරි කරන්න. මගේ හීනය මම හැබෑ කරගත්තේ 2014 වර්ෂයේදි බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය සමග සම්බන්ධවීමත් එක්ක. පසුව මම 2017 වර්ෂයේදි බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයත් එක්ක සම්බන්ධ වුණා.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කාලය තුළ මම ඉගෙනගත්ත දේ තමයි අහියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක, ඒ අභියෝගත් එක්ක එන අවස්ථාවන් කොහොමද අපි ප්‍රයෝජනයට ගන්නේ කියන එක. අපිට ඒ එන අභියෝගවලදී මමත් එක්ක අපේ කණ්ඩායම හැම වෙලාවකම එකට හිටියා.

ඒ වගේම මම හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ගේ හීන පස්සෙ හඹා යන්න. ඒ හීන ජය ගන්නා තුරු හඹා යන්න. එතකොට තමන්ට පුළුවන් තමන් කවුද කියලා හොයාගන්න. එහෙම කණ්ඩායමක් එක්ක එකතු වුණාම තමයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *