අපේකම සුසර කරන රේඩියෝ අත්දැකීම

සෑම වසරකම පෙබරවාරි 13 වන දා තමයි ලෝක ගුවන්විදුලි දිනය සමරන්නේ. ලෝක ගුවන්විදුලි දිනය පෙබරවාරි 13ට යෙදෙන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කළේ 1946 පෙබරවාරි 13 වන දා වීම. සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරන ගුවන්විදුලිය අපි හැමෝටම සමීප වුණ මාධ්‍යයක්. රූපවාහිනී තිරය මිනිසුන්ගේ දෙඇස් වසඟයට ගෙන ඔවුන්ගේ ආලින්දයන් ආක්‍රමණය කරන්නත් කලින් ගුවන්විදුලිය සමග අපේ පැරැන්නන්ට තිබුණේ හරි අපූරු බැඳීමක්. රූපවාහිනියේ ආක්‍රමණයත් සමග ගුවන්විදුලිය මිනිසුන්ගෙන් තරමක් ඈත් වුණත් පසුකාලීනව ගුවන්විදුලි නාළිකා ආයතන, ඒවායේ වැඩසටහන් නිෂ්පාදකවරු, නිවේදක නිවේදිකාවන් ඇතුළු පිරිස් නැවතත් ගුවන්විදුලිය ශ්‍රාවක ජනතාව වෙත සමීප කරවන්න සමත් වුණා. කාලයත් එක්ක ගුවන්විදුලිය විවිධාකාරයේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගනිමින් වඩාත් පුළුල් පරාසයක වැඩසටහන් නිර්මාණය ‍කෙරුණා. අධ්‍යාපනික වැඩසටහන්, ප්‍රවෘත්ති ආදී තොරතුරු සන්නිවේදන කටයුතු, ආගමික වැඩසටහන්, විනෝදාස්වාදය රැගත් වැඩසටහන් ආදී විවිධාකාරයේ වැඩසටහන් මේ වන විට ගුවන්විදුලි සේවාවන් ඔස්සේ විකාශය කෙරෙනවා.
 
සැමදා පිබිදුණු විසඳුම් ලොවට දායාද කිරීමට කැපවෙන බ්‍රැන්ඩික්ස් ආයතනය සිය සාමාජික සාමාජිකාවන් වෙත වඩාත් සමීප වීම සඳහාත් ඔවුන්ගේ රසාස්වාදය ඉහළ නැංවීම සඳහාත් ගුවන්විදුලිය වෙනත් මානයකින් යොදාගන්නට සමත් වෙනවා. වෙනස්ම ආකාරයේ ප්‍රබෝධවත් අත්දැකීම් සිය සාමාජික සාමාජිකාවන්ට ලබා දෙන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් 2010 වර්ෂයේදී අලුත්ම අත්දැකීමක් ලෙස බ්‍රැන්ඩික්ස් රේඩියෝව සිය සාමාජික සාමාජිකාවන්ට තිළිණ කරනවා. වෙනත් නාළිකාවලට වඩා වෙනස් ආකාරයෙන් ගුණාත්මක සේවාවක් ලබා දෙමින් බ්‍රැන්ඩික්ස් රේඩියෝව දිනෙන් දින වැඩිදියුණු වෙමින් සිය සාමාජික සාමාජිකාවන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන්, පෞරුෂ සංවර්ධන වැඩසටහන්, මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, ආයතනික මට්ටමෙන් දැනගත යුතු කරුණු, උණුසුම් පුවත් ආදී බොහෝ දේ ඔවුන්ගේ දෙසවනට සමීප කරන්නට බ්‍රැන්ඩික්ස් රේඩියෝ සමත් වුණා. ඒ වගේම තමයි බ්‍රැන්ඩික්ස් ආයතනවල සිටින දක්ෂ නිවේදක නිවේදිකාවන්ට ඔවුන්ගේ හැකියාවන් තවත් ඔප්නංවා ගැනීමට අවස්ථාවක් ලබා දීමත් බ්‍රැන්ඩික්ස් රේඩියෝවේ ප්‍රධාන අරමුණක්. රසවින්දන පරාසයන් පුළුල් කරමින් සුභාවිත ගීතයෙන් අසන්නන් පිනවීමට බ්‍රැන්ඩික්ස් රේඩියෝව කටයුතු කරන්නේ රසාස්වාදයෙන් ඉහළ තරුණ පරපුරක් බිහි කිරීමේ මාහැඟි කර්තව්‍යයට ද උර දෙමින්.

වසර 10කට අධික කාලයක් පුරා බ්‍රැන්ඩික්ස් රේඩියෝව මේ පැමිණි ගමනේදී ඒ සමග රැඳී සිටි ඔබ සැමට අප ස්තුතිවන්ත වෙනවා. මෙතකින් නොනැවතී තවත් නවමු අත්දැකීම් රැසක් සමග ඉදිරියේදී ඔබ හමුවට පැමිණෙන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටත් වඩා දැනුම් සම්භාරයක් ඔබ සැමට ලබා දෙමින්, වඩාත් ගුණාත්මක අයුරින් නව මුහුණුවරකින් ඔබ සැමට තව තවත් සමීප වීමයි අපගේ අරමුණ. අපේකම කැටිකරගත් ඔබේ සමීපතම රේඩියෝ මිතුරා වන බ්‍රැන්ඩික්ස් රේඩියෝව සමග දිගටම රැඳී සිටින ලෙස අපි ඔබට ආරාධනා කරනවා…

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *