මිණි කැට පිරි බිම විකසිත රන් ලිය

රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර පරිසරයක පිහිටි බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයේ කතාවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහන තුළින් අපි ඔබ හමුවට ගෙන එන්නේ.

1992 වර්ෂයේ ලක් ෂර්ට් කහවත්ත නමින් ආරම්භ කළ බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයේ මුල් කාලයේ සේවයේ නිරත වුණේ සාමාජික සාමාජිකාවන් 600ක පමණ පිරිසක්. දිනෙන් දින දියුණු වෙමින්, ලොවට පිබිදුණු විසඳුම් තිළිණ කරන බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයේ මේ වන විට සාමාජික සාමාජිකාවන් 1,300ක් පමණ සේවයේ නිරත වෙනවා. සුරක්ෂිත පරිසරයක් තුළ සැහැල්ලුවෙන් රාජකාරි කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය සිය සාමාජික සාමාජිකාවන්ට ලබා දෙනවා. තව ද බ්‍රැන්ඩික්ස් සමූහ මානව සම්පත් අංශය විසින් පවත්වන රසදිය හිරු තරගාවලියේ මාස 10ක් පුරා රැඳී සිටීමට ද බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයට හැකි වුණා.

බ්‍රැන්ඩික්ස් හැමදාමත් තමන්ගේ දියුණුව ගැන විතරක් හිතුව ආයතනයක් නෙමෙයි. ඒ නිසාමයි ‘මනුසත්කාර’, හරිත තිරසර’ වැනි ව්‍යාපෘති තුළින් මනු දැයටත්, මිහිමවටත් සේවය කරන්න බ්‍රැන්ඩික්ස් කටයුතු කළේ. බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයත් මෙම සංකල්ප ඔස්සේ යමින් මේ වන විට මනුසත්කාර ව්‍යාපෘති 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ වගේම කහවත්ත ප්‍රදේශයට සවියක් වෙමින් ආදර්ශ ගම්මාන ව්‍යාපෘති 17කට අධික ගණනක් ද ක්‍රියාවට නංවන්න ආයතනය සමත් වුණා. සභාපති අරමුදල මගින් ආයතනයේ සේවය කරන සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් ලබා දීමට ද බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය ක්‍රියා කර තිබෙනවා.

ප්‍රබෝධවත් සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය දිනෙන් දින දියුණු වේවා යනු වියමන් අපගේ ප්‍රාර්ථනාවයි!