නිරෝගී මනු දැයක් සමග පිබිදෙමු

“ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දේශිත බුදු වදනෙහි තේරුම පුද්ගලයෙකුගේ උතුම්ම ලාබය නිරෝගීකම බවත්, උතුම්ම ධනය සතුට බවත් ඔබ දන්නවා. වර්තමානයේ බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව බොහෝ දෙනාට විවිධ ලෙඩ රෝග ඇති බව නොරහසක්. ඒ නිසා අපි අපේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕන. එම කාරණය ගැන සැලකිලිමත් වෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනයත් සිය සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වෛද්‍ය සායන සැලසුම් කරමින් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය නංවාලීමට කැප වී කටයුතු කරනවා.

නිරෝගී මනු දැයක් බිහි කිරීමේ උදාර පරමාර්ථය ඇතිව බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනය පසුගිය දා වකුගඩු සායනයක් සිය ආයතන පරිශ්‍රය තුළ සිදු කළා. බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනය මෙම මනුසත්කාරය සිදු කළේ තමන්කඩුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයත් සමග ඒකාබද්ධව. මෙම සායනය සඳහා ආයතනයේ සාමාජික සාමාජිකාවන් 250ක පමණ පිරිසක් සහභාගී වුණා.

මෙහිදී වකුගඩු පරීක්ෂණ, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම, මුත්‍රා පරීක්ෂණ ආදී විවිධ පරීක්ෂණ සිදු කළා. ආයතනයේ සාමාජික සාමාජිකාවන් ද ඉතා හොඳ උනන්දුවකින් මෙම සායනය සඳහා සහභාගි වුණා. ප්‍රබෝධවත් සාමාජික සාමාජිකාවන් සමග ලොවටම පිබිදුණු විසඳුම් ලබා දෙන බ්‍රැන්ඩික්ස් ඉදිරියටත් මනු දැය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *