ලොව ප්‍රථම අගමැතිනිය - සිරිමාවෝ බණ්ඩාරනායක

බාන්ස් රත්වත්තේ මහතාට සහ මහවලතැන්න වලව්වේ රොසලින් කුමාරිහාමිට දාව ඔවුන්ගේ වැඩිමහලු දියණිය ලෙස 1916 අප්‍රේල් 17 වන දා සිරිමාවෝ රත්වත්තේ ළදැරිය උපත ලැබීය.

සහෝදර සහෝදරියන් පස් දෙනෙකු ඇයට සිටි අතර ඇගේ ළමා කාලය ගත වුණේ බලංගොඩ එල්ලාවල වලව්වේය. රත්නපුර ෆර්ගසන් උසස් පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුළත් විය.

1940 වර්ෂයේදී සොලමන් වෙස්ට් රිජ්වේ බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමග සිරිමාවෝ රත්වත්තේ මෙනෙවිය විවාහ දිවියට ඇතුළු විය. ඔවුන් දෙදෙනාට දාව දරුවන් තිදෙනෙකු උපත ලැබූ අතර ඔවුන් තිදෙනා සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක යි.

1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අතර 1959දී එතුමා ඝාතනයට ලක් විය. ඉන්පසු 1960 වසරේ පැවති මැතිවරණයට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් වූ අතර ඇය එම මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නාය. ඇය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත විය.

ලාංකීය දේශපාලනය තුළ මෙන්ම ලෝක දේශපාලනය තුළ ද සිය නාමය තැබූ සිරිමාවෝ මැතිනිය 2000 වර්ෂයේදී මෙලොවින් සමුගත්තාය.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *