“හිත ධෛර්යවත් නම් ටාගට්වලට යන්න පුළුවන්”

ලොවටම පිබිදුණු විසඳුම් දෙන බ්‍රැන්ඩික්ස් සිය සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත ද නිවැරදි දිශානතියකට යොමු කරන ආයතනයක්. ආයතනයේ රාජකාරියෙන් ඔබ්බට ගොස් පිබිදුණු මිනිසෙකු තුළින් රටට, සමාජයට පිබිදුණු විසඳුම් තිළිණ කරන සාමාජික සාමාජිකාවන් බිහි වන්නේ ඒ නිසාමයි. වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනෙන් මෙවර ඔබ හමුවට එන්නේ එවන් ප්‍රබෝධවත් චරිතයක්. ඔහු නමින් සුරංග චම්පික.

බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයේ රාජකාරියේ නිරත සුරංග තමාගේම ව්‍යාපාරයක් ද සිදු කරගෙන යනවා. ‘නැහැ, බැහැ’ කියන සෘණාත්මක සිතුවිලි වෙනුවට ‘පුළුවන්’ කියන ධනාත්මක සිතුවිල්ලෙන් ශක්තිමත් වූ ඔහුගේ කතාව ඔබටත් වැදගත් වේවි.

“මේ ආයතනයට මම සම්බන්ධවෙලා අවුරුදු 10ක් වගේ වෙනවා. මම ආවෙ ආයතනයට කාර්මික ශිල්පියෙක් විදියට. දැන් සීනියර් ස්ටාෆ් ඔෆිසර් කෙනෙක් විදියට රැකියාව කරගෙන යනවා. ආයතනයෙන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තුන, හතරක්ම මට ලැබුණා. ඒ ට්‍රේනින්වලින් මම විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඉතින් සතුටින් මේ ආයතනයේ රැකියාව හොඳින් කරගෙන යනවා.

මේ ආයතනයට ඇවිල්ලා අවුරුදු තුනකට වගේ පස්සේ මම මගේම කියලා තල ව්‍යාපාරයක් පටන් ගත්තා. සේවකයෝ දෙන්නෙක් යොදාගෙන ඇඹිලිපිටිය අවට ආයතනවලට එහෙම තල බෙදා හරිනවා. තව මම පටන් ගත්තා මදුරු දැල් ව්‍යාපාරයක්. පොළවල්වල තොග දෙන්නේ ඒවා.

කාලය කළමනාකරණය තමයි මුලින්ම හදාගන්න ඕන. නැත්නම් මේක කරගෙන යන්න අමාරුයි. කාලය කළමනාකරණය ගැන ආයතනයෙන් අත්දැකීම් ගොඩක් ලැබෙනවා. ආයතනයෙන් ගන්න අත්දැකීම් ගෙදර ගිහිල්ලා මගේ ප්‍රඩක්ට් එකටත් යොදාගන්නවා.

අපේ හිත ධෛර්යවත් නම් අපිට යන්න ඕන ටාගට්වලට යන්න පුළුවන්. ‘මට බෑ’ කියලා හිතන්නේ නැතුව රැකියාවට අමතරව ව්‍යාපාරයක් වුණත් කරගන්න ශක්තිය, ධෛර්යය තියෙනවා එතකොට.

මගේ අනාගත බලාපොරොත්තුව තමයි මගේ ප්‍රඩක්ට් එක පිටරටවල්වලට ව්‍යාප්ත කිරීම.”

දිරියෙන් ලොව දිනන්නට උත්සහ දරන සුරංගගේ රැකියාව, ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික ජීවිතය සාර්ථක වෙන්න කියලා වියමන් අපි ප්‍රාර්ථනා කරනවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *