ආසියාවේ කළු වෙළඹ - සුසන්තිකා ජයසිංහ

‘ආසියාවේ කළු වෙළඹ’ ලෙස විරුදාවලි ලත් සුසන්තිකා ජයසිංහ ඉතිහාසගත වන්නේ මෙරටට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් ප්‍රථම ක්‍රීඩිකාව ලෙසය. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 කාන්තා ධාවන ඉසව්ව සඳහා රිදී පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් විය.

ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම හිමිවූයේ 1948 වසරේදීය. පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගාවලිය සඳහා රිදී පදක්කමක් දිනා ගත් ඩන්කන් වයිට් මෙරටට එම ජයග්‍රහණය ගෙන දුන්නේය. ඉන් වසර 52ක් යන තුරු ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූ අතර 2000 වසරේදී සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවේ නාමය ඔලිම්පික් පිටිය තුළ බබළවන්නට සමත් විය. මීටර් 200 ධාවන ඉසව්වෙන් ඔලිම්පික් උලෙළක අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබූ මුල්ම ආසියානු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වූයේ ද ඇයයි.

දුෂ්කරතා පිරි පවුලක උපත ලැබූ ඇය සියලු බාධක ජය ගනිමින් දිරියෙන් ලෝකය ජයගත් විශිෂ්ට චරිතයකි. 1994දී ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 ධාවන ඉසව්ව සඳහා රිදී පදක්කමක් ද, 2006 ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් ද, 1995, 2002 සහ 2007 වසරවලදී ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව් සඳහා රන් පදක්කම් තුනක් ද, 1997 ඇතෑන්ස් ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්ව සඳහා රිදී පදක්කම ද ඇතුළුව ලංකාවට තවත් බොහෝ ජයග්‍රහණ හිමි කර දීමට ඇයට හැකි විය.

ශ්‍රී ලංකාව රනින් බබළවන්නට සමත් වූ ඇය ලොවක් ජයගත් ශ්‍රී ලාංකික දිරිය කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයකි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *